ඔන්න කට්ටියට හින යන්නත් එක්කම අද කියන්න යන්නෙ හිනා කතාවක්.මේක පාසල් කලෙ වෙච්ච සිද්දියක්.හෙමෝගෙම ජීවිත වල තියන සුන්දරම කාලයක් තමයි පාසල් කාලය.මේ කථාවෙ කතානායකය තමයි අමරේ. ඔන්න හා හපුරා කියලා අපෙ maths M2 පන්තිය trip එකක් යන්න සෙට් උනා. දවස් තුනක් යන්නයි අදහස උසස් පෙල කොල්ලොනෙ ඉතින් එක දවසින් එන එක කිසි ගතියක් නෑ. දන් ඉතින් අපේ පංතියෙ පොදු ජන සුබසාදක ඇමති වෙලා හිටියෙ අපේ චතුවා.ඔය වගේ වැඩ වලදි මුලිකය වෙන උණක් මටත් තිබ්බා. රාජ කියන්නෙ අපේ මැර ඇමති. ඔන්න අපි තුන්දෙනා එකතු වෙලා ගමන යන්න සේරම ලෑස්ති කලා ඔහොමෙන් ඔහොමෙන් නියමිත දිනේ ලගටම ආවා. දෙයියනේ කියල අපි ගමන පිටත් උනා.ගිහින් ගිහින් අපි නෑවතුනෙ දුන්හිද ඇල්ල ලග. ගිහින් තියන අය දන්නවනේ අඩි පාරක් දිගේ කිලෝ මීටර් 3ක් විතර යන්න එපෑයි පයින් ඔන්න දෑන් ගමන පටන් ගත්තා. අපේ පංති භාර සර් නෙවෙයි අපි එක්ක ගියෙ වෙන ස්ර් කෙනෙක් ඔන්න සර් ඉස්සරහින්ම යනවා. ලමයි ටික පස්සෙන් යනවා. පස්සෙන්ම ගියෙ මමයි සාලයයි.ඔහොම යද්දි ඔය පාර දෙපෑත්තෙ කඩ තියනවනෙ . ඔය කඩේක හිටපු අංකල් කෙනෙක්
මහත්තයා ගහෙන් බාපු ගමන් බඩු තියනවා… නියමයි කලවං මුකුත් නෑ බීල බලල ගන්න මහත්තයා….
කියපි. අපිටත් ඉතින් ඒ කලේ දන්නවනෙ හෑටි. සාලය කිව “මම නම් බොනව බන් අරුන් පේන තෙක්මානෙ නෑනෙ කියල “ කියපි. ඔන්න ඔහෙ මමත් බොනවා.. මොකටද යාලුවගෙ හිත කඩන්නෙ.. මාත් විදුරුවක් ගත්තා.. අපිට ඉස්සරහින් හිය එකා තමයි අමරෙ මෙන්න මිනිහත් ශේප් එකෙ කිට්ටු වෙලා
“අඩෙ උබල තනියම බොන්න එපා බන් “ කියල බුවත් ගත්ත විදුරුවක්ම.
දෑන් තුන්දෙනාම බොනවා රා.. රා බීලා ස්ල්ලි ගෙවල අයෙමත් ගමන පටන් ගත්තා. ඒ ගමන සලය ඉස්සරහම . මම ඊලගට. ඊටත් පස්සෙ තමයි අමරෙ.. ඔහොම යද්දි අමරය ටිකක් ස්ලෝ වෙනව ටික ටික
අඩේ මොකද බන්?
නෑ බන් බඩ අවුල් වගේ බන්.. අනෙ මන්දා….යමංකො…
ඔහොම තව දුරක් ගියා. ඔන්න එක පාරට අමරෙ “අසුවා….” කියපි
මොකෝ බන්?
අඩේ ඉන්න බෑ බන් දෑන් නම් කලන්තෙ වගෙ..
ඇත්ත තමඉ මිනිහගෙ මුනට දාඩිය දාල… ඈස් පවා රතු වෙලා… මටත් දෑන් තේරෙනවා එන පොට හොද් නෑති බව.. ඔන්න එතකොට තමයි දෙය්යො දෑක්ක වගෙ පොඩි කොල්ලෙක් දුවගෙන ආව පෙනුමෙන් නම් එ ගමෙම එකෙක් වගෙ
මල්ලි බොගක් දාගන්න පොට් එකක් නෑද්ද?
මොකද්ද බොගක් කියන්නෙ?
අලි මදිවට හරක් දෑන් ඌට වචනෙත් තේරුම් කරපල්ලකො..
මල්ලි බොගක් කිවෙ ටොයිලට් එකක් නද්ද?
ආ…. ලෑට් එකක්ද? තව ටික දුරක් යන්න එතකොට දකුණු අත පත්තෙ තියනවා
යන්නම් මල්ලී.. කියල අයෙත් ගමන පටන් ගත්තා…ගියා ගියා මොන ටොයිලට්ද… ඔහොම යද්දි අරුගෙ මූන බලන්න බෑ රතු වෙලා.. කලිසමේ බොගේ යන තත්වයක් වගෙ තමා දැන්. මිනිහ ඈවිදින්නෙ නිකන් මාර්ච් පාස්ට් වගෙ දරුණුවට බොගෙ සෙට් වෙලා… ඔහොම යද්දි වම් පෑත්තෙ පහල පොඩි ගෙයක් වගෙ තිබ්බ අපි එක පහුකරන් ගියා.. එතකොට එක ඇතුලෙ ඉදන් අංකල් කෙනෙක් ආව.
අඩෝ අරක නම් ටොයිලට් එකක් බන් … අඩෝ මම යනවා….
කියල අමරෙ දිව්වා.. එතනම උඩ කඩයක් තියනවා අමරෙ දුවල ගිහින්
අංකල් අරක ටොයිලට් එකක් නේද?
ඔව් ඔව්…
අම්මො ඇති යන්නම් කියල මූ පහලට බෑස්ස…
එතකොට එතන හිටපු අච්චි කෙනෙක්
පුතා පුතා ඔකෙ වතුර බෑරල් එක ඉවර වෙල වතුර නෑ.. කියපි.. අනෙ අවසනාවන්ත අමරෙටමයි වෙන්නෙ… දැන් මු ආයෙමත් උඩට නංගා
මොකද කරන්නෙ දෑන් එතකොට තමයි මම දෑක්කෙ එ කඩෙ වතුර බෝතල් තියනව මම “අමරෙ බෝතල් නම් තියනවා “ කිව්ව.මිනිහට ඊට වඩා දෙයක් නෑ…
“ඈන්ටි දෙන්න වතුර බොතල් 2ක් .. “ කියල 1000ක් දික්කලා….
“අයියො අපි ලග මෙච්චර මාරු කරන්න නේ “ කියල අපහු 1000 ඩුන්න කියමුකො මේ වාහෙ. අරුට ඌරු ජුවල්… “මාරු නත්තම් 1000ම ගන්නවා.. මට බොතල් දෙක දෙනවා.” මට දෑන් හිනා කාලා මෑරෙන සයිස්.. ඔන්න මිනිහා බොතල් අරගෙන ගිහින් වෑඩේ කරගෙන ආව.
“දෑන් තමයි බන් ඈගට ලේ ටිකක් ඉනුවේ.”
ඔන්න ඔහොමයි අමරෙය බොග දෑම්මේ… කතාව මෙතනින් නතර නෑ . ඊලග ආතල්ම සිද්දිය උනේ අපි නතර වෙච්ච පොට් එකෙදි.මහන්සි වෙලා ගිහින් ඔන්න අපෙ චතුමලය සෙට් කරපු ගේකට ආවා.මුලු ගේම එදා රෑ අපි අරන් තිබුනෙ. කට්ටිය ඉතින් නාල.. කාලා… සින්දු කියලා…බජව් දාලා.. නිදාගත්ත.. උදෙ පාන්දරම දෑන් කට්ටික මුන හෝදල අඳින්න යන්නෙ.. එක පාරටම
අඩෝ කව්ද බන් මගෙ ජොක්කු හොරකම් කරල බන්… ගත්ත එකෙක් ඉනවනම් දියන්කො…?
සොංග කෑ මොර දෙනවා..බලාපල්ලකො අපෙ එවුන් කරල තියන හරිය පව් මිනිහ හොදටම අප්සට් එකෙන් ගේ වටෙ හොයනව. බඩු නෑ.. ගත්ත එකෙක් කියන්නෙත් නෑ… දෑන් ඉතින් කට්ටියම ඈදගෙන ඉස්සරහට ගියා අපි හිටපු ගෙදර තාප්පෙයි ගෙට්ටුවයි උසයි ටිකක්. කට්ටිට බස් එකට නගින්න ගේට්ටුවෙන් එලියට ගියා.. හත් වලාමයි ඉස්සරහ දෙමල ස්කොලයක්.. මෙච්චර වෙල නිදිමර ගාතෙ හිටපු උන් බෑගී හදනව . කොන්ඩ හදනව.. ඈයි දෙය්යනේ කෙල්ලො ඉන්න තෑනක්නේ. කෙල්ලො ටිකකුත් ඈතුලෙ ඉදන් බල බල හිනවෙනව අපි දිහා…
අපේ එවුන් හිතන්නෙ උන්ට කියල දෑන් කට්ටිය මාර් ආතල්… ඔහොම යද්දි අපේ එකෙක්
“අඩෝ අපි ඉවරයි මල කෙලියයි අරුනුයි පාරෙ යන එවුනුයි හිනවෙන්නෙ අපිට නෙවෙයි බන් බලපන් ගේට්ටුව උඩ” කිව්ව
කට්ටියම ගේට්ටුව දිහා බලුවා… මල කෙලියයි අපෙ සොන්ගගෙ under wares ටික සේරම ගේට්ටුවේ උල් වල එල්ලලා…
කවුරු කලත් මාර ආතල් එක… සොන්ගට ඈඩිලා… අනෙ දෙය්යනෙ හිත ගන්න පුලුවන් නේද මිනිස්සු දෙනෝදාහක් මෑද්දෙ අර උස ගේට්ටුවට උඩට නෑගල එකින් එක තමන් සතු වටිනම වස්තු වලින් එකක් වෙච්ච අන්ඩ්ර් වෙයාර් බිමට බාපු හෑටි.. හිනා සාගරයක් මෑද මේ සිද්දිය ඉවරවෙලා අපි සේරම බස් එකට නෑන්ගා.. මේක කලේ සාලය කියල තමයි ආරංචි උනේ. මිනිහ දෑන් ඇමෙරිකාවට වෙලා ගුවන් යානා එලවන්න පුරුදු වෙනවා.. ඕව කරද්දි පාසල් කාලෙ ගුවනෙ ජොක්… හංගපු හැටි එහෙම මතක් වෙනව ඈති මිනිහට..ඔයගොල්ලො කාටත් වගෙම මටත් පාසල් කාලෙ මතක් වෙද්දි අයෙමත් යන්න හිතෙනවා. අපෙ ජිවිතේ සුන්දරම අවදියක් තමයි පාසල් කාලය..