Grab this

Sunday, January 23, 2011

ඇය.....


මේ කවිය NMTS නිස්සංක නම් වූ කවියාගේ රචනයකි. ඉතාම ගෞරවයෙන් මා ඔහුට ස්තූති කරන අතර මා දුටු තරුණ කවියන්, නිදහස් මතධාරීන් අතර උස් තැනක් එතුමාට හිමිවේ. ඔහුගේ මේ කවි පන්තිය තුල මා ප්‍රේමවන්ත භූමිකාමේ උතුම්ම අවස්ථාවක් දකිමි. 

ඇය.........
ඇය සුන්දරය...
සැබැවින්ම සුන්දරය...
මා කිසිවෙකුට ඇය සම නොකරමි...
ඈ සඳ මෙන් නොවේ...
ඇගේ පියකරු වත කමල දුටු කල,
සඳ මඬල ඊර්ෂ්‍යාවෙන් ඉවත බලාගනු ඇත...
ඈ රෝස කුසුමක් මෙන් නොවේ...
රිවි කිරණින් මැලවෙන රෝස කුසුම මෙන්,
ඇගේ වත මැලැවෙන්නේ නැත...
ඇගේ දෙනයන කැළුම් මා නෙත ගැටෙන්නේය...
ඇය...........
මා ලඳකගෙන් පතනා සියල්ල ඈ සතුය...
මා මවාගත් රුව ඈ සතුය...
මා මවාගත් ආදරය ඈ සතුය...
නමුත් ඈ මට අහිමිය...
ඇගේ රුව මා මනස පෙළන්නීය...
ඈ කිසිදිනෙක මට හිමි නැත...
ඇය...........
දිවි ඇති තුරා මා සිතින් ඈට පෙම් කරමි...
දිවි ඇති තුරා ඈ මනසේ රඳවා ගනිමි...
සහෝදරත්වයේ මුවාවෙන් ඇයට එය සඟවමි...
ඇයට දැඩිව ආදරය කරමි...
නමුත් මා මතු භවයක ඈ නොපතමි...
ඈ ඇගේ හිමිකරු වන,
මා නොදුටු වාසනාවන්තයා සමඟ එබඳු බැඳීමක් ඇත...
මා ආත්මාර්ථකාමියෙකු නොවේ............

Saturday, January 22, 2011

සිංහල ස්භාවිත ගීතයේ රස..... ( අද :: ගහක මල් පිපිලා ; කරුණාරත්න දිවුල්ගනේ )


ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත.

"කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන් "



සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... 

"සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
 සිටිය නොහැකිද යම් "

මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා  තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත..

 රසවින්දනය කරන්නෙක්ට ඉතාම රසවත් ගීතයක් තිලින කිරීමට යමුනා මාලනී පෙරේරා තම හැකියාව මනාව ප්‍රයෝජනයට ගෙන රචනා කර ඇති මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන්ගේ මියුරු ස්වරයෙන් හැඩවි කරුනාරත්නයන් ගයන විට ඉතාම ආනන්දජනකවේ. රැප්, හිපොප් කාරයන්ගේ චොකා බයිලා වලට වඩා ශ්‍රී ලාංකීය ස්භාවිත ගීතයේ වෙනස වන්නේද එයයි.. භාශාව, රසය, සංගීතය, හා ශ්‍රී ලාංකීය ලෙයට කාවදින රස ඇතුලත් ස්භාවිත ගීතය ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාවට ලගාකරන බව අවසානයේ මා කීමට කැමතිය. මෙවැනිම රසවත් ගීතයක් ගැන ලබන සතියේත් ....


Monday, January 10, 2011

අම්මා

හුස්ම වැටෙන හැම වෙලාවකදිම හිතට දැනෙන පහන් හැගීමට නමක් දෙන්න කීවොත් ඒකට ගැළපෙනම නම ආදරණීය අම්මා වෙනුවෙන් හිතේ ඇතිවන මහා ආදරයයි... තුන් ලෝකයේම බලගතුම ශක්තිය මවකගේ ආදරය බව අප දනිමු. මට මෙන්ම මේ ලෝකේ ප්‍රාණීන් ලෙස ජනිත වන සියලුදෙනාටම මවක් ඇත. මිසරයේ පිරමීඩ පීසාහි ඇලවෙන කුළුණ ලෝක පුදුම කියන ලොවක එයට තවත් දෙයක් එක්කිරීමට අපට අමතකවී ඇත ලොව ඇති විශිෂ්ඨතම පුදුමය අම්මාගේ ආදරයයි, සෙනෙහසයි.. කිසිදු උපමාවකින් අලංකෘත කල නොහැකි වචන වලින් විස්තර කල නොහැකි යම් දෙයක් වේද ඒ අම්මාගේ ආදරයයි.මවක් තම දරුවන් කෙරේ ඇති ආදරයට සීම මායිම් නොමැත. ලොකය තුල මනුශ්‍යාගේ මොන යම් හෝ සුන්දරත්වයක් තිබේද ඒ සියලු සුන්දරත්වයන් හැදවනුයේ මවුවරුන්නෙ අපමණ සෙනෙහස නිසාවෙනි. සම්බුද්ධත්වය පතා පාරමිතා පරිපූර්න කළ බුදුන් වහන්සේ ශරීර උපාංග දන් දීමට කටයුතු කල බව අපි දනිමු. ඒපරිද්දෙන්ම ආදරනීය මෑණියන් තම රුහිරු ක්ෂීරය බවට පත්කොට   දරුවන්ට දෙනුයේ පාරමිතාවක් සම්පූර්න කිරීමට නොවේ.. ආදරනීය දරුවා පෝෂනය කිරීමටයි. මෙතරම් උත්තම අම්මා ගෙදර බුදුන්  වන්නේ මෙකී ගුන කඳ නිසාවෙනි. මුලු ලොවම නැති උනත්, අපට අප වෙනුවෙන් ඉතුරුවන එකම සම්පත අම්මාගේ ආදරයයි. මගේ අම්මාද නුඹේ අම්මාද ඇතුලු අම්මාවරු සියලුදෙනා බුදුබව ලබන්නට පෙරුම් පුරන්නියන් වෙති.අම්මාගෙන් මා ලද පිරිමිකම, අම්මාගෙන් මා ලද පෞර්ශය තුල හැමදාමත් මා ගොඩනැගෙන බව ඉහලට යන බව මම දනිමි.අම්මා ලඟ මං තාමත් පොඩි කොල්ලාමයි.. අම්මට ඉක්මනට සුවවේවා.අම්මාගේ ඇගිල්ලක් කැපිලා ගොඩක් දුක නිසා තුනී කරගන්නයි මේක ලිව්වේ..

හැපින්න… ඉතින් උබ සැනහුනිද?

පලිගන්න දශ්ඨ කර
සමත් බව පෙන්නුවාට
හිතනවද මගේ ගතේ විෂගල් නෑ කියල…
නයි මන්තර කප්පිත්තෙක් මං නොදන්නවා වුනාට නුඹ..
නුඹ වගේ සීනි බෝල හැපින්නක් නටවන්න
හිනෙන්වත් හිතෙන්නේ නෑ මට..

තී මගේ පියඹටත් දශ්ඨ කරල නේද??
දැන් නම් තවත් අනුකම්පායි මට…
නයිකාරයෙක් එක්ක හැප්පෙන්න බයේ..
නගුට අකුලාගෙන ඉන්න උඹ දැක්කම..‍
තරහකට වඩා සිත දයාවෙන් පිරෙයි මගේ…
විශ දළ නුඹ විසින්ම ගලවාගන්නට කාලයක් එයි..
එදාට අපේ රැහේ පුංචි උන්ට
සෙල්ලම් ගෙවල් වල වහල් තනන්නට…
ලනුවක් වීම ඇර වෙනඳු විකල්ප නැත.

අවැසිනම් නුබට…
මහා නාග රාජිනියක් වෙන්නට…
නාගයෙකු හා සහවාසයෙන් නුබේම පරපුරක් තනන්න
නුඹේ සුනඛ ගති නැවත දීපන් යක්ශයාට
මතු නුබේ නමින් පැවැත්වෙන
නාග කන්‍යා අබිසෙස් උලෙලට….
ගෙනෙන්නම් කිරිකල හතක්
සුපිරිසිදු නුඹ දෝවනය කරන්නට…

Sunday, January 9, 2011

නුඹ මගේ සඳ

දෙනුවර මින් පසූ එක නුවරක් මෙනි
ඔබෙ හදවත මා හදෙහි සෙවනැල්ලකි…
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු..
අපි සක්විති රජ කිරුලු පැලැන්දෙමු..

ලින්තොට ගංතොට  ආදි තැනේයා..
මල් මඳ බිසවුනි ඔබ හමුවූවා…
සෙනෙහස් අරුණළු කිරණ ගෙනාවා..‍
නොදනිමි ඔබ මගෙ හදවෙත ආවා….

දැහැනකි ඔබ මගෙ හදවත බන්ඳන…
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන..
දිනයක් එළබෙනු ඇත මන නන්දන…‍
අසුමිය මල් මත සිරිකත කැන්දන…….

තට්ට තනියම හිතූ මනාපෙට පාලනය කරන්නට ගොස් අවතැන්ව තිබූ …. නිබඳවම කඳුලු ගංගා පිටාර යාමෙන් ගංවතුර ඇතිවූ හිතුවක්කාරකම නැමැති ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ගෙනගිය.. හතර වටේම ලොකයෙන් නිතරම ආර්ථික සම්දාදක පැනවූ… කොටින්ම කියනවනම් මටම රජ පුටුව එපාවූ මගේ කාලකන්නි නුවර…
එක කාලයක් තිබ්බා එ නුවරට ආපු ආපු එකා තුහ්… නොදකින්.. කියල කෙල ගහල ගියපු.. එ කෙල ගඳ නිසාම අපිරිසිදු උන මගේ නුවර… එපා…. මට මේක ඇති වෙලා.. කියල මම දාල යන්න හදනකොට අම්මයි තාත්තයි අක්කයි මාව හිර කරගෙන “.. ඒයි මෝඩයා.. ඉගෙනගනින් පාලනය… පාලනය බිඳවැටුනම දාල යන එකද ……………………….”  කිවෙත් මෙ නුවරම ඉදගෙන.හැම උදේකම ඉර පායනකල් එ දවස් වල මම බලාගෙන හිටියා වෙන දේකට නෙවෙයි මගෙ නුවරට එලිය ටිකක් වැටෙයි කියල.. පුස් ගඳ යන්න. ඒත් ඒක එහෙම උනේ නෑ. ඉර එළිය වැටුනට මගෙ නුවර අඳුරු වලාවකින්  හැම වෙලේකම වෙලිල තිබ්බේ.. කාලය ගෙවෙන්න ගෙවෙන්න මගෙ නුවර අඳුරු උනා..
මට මගේ ජීවිතයේ වටිනාම දවස උදා උනේ මෙ අතර දවසක… වෙනත් රාජධානියක මහේෂාක්‍ය ලීලාවෙන් වැජබෙන රැජිනක් මගෙ නෙත් දෙකෙන් දැක්ක… ඒ දවසට පස්සෙ මගේ නුවරට ආලෝකය එන්න පටන් ගත්තා… දෙවියනේ…..මගේ බංකොලොත් නුවර හිතුවක්කාර පාලකයා වූ මම, මම ලෙසම ශක්තිමත් වී ආයෙමත් ඉපදුනා. මේ මාසෙ 4 වෙනිදට වසරක් ගෙවෙනවා මගේ නුවරට ඇගේ නුවර පහස ලැබිලා..
මැණිකේ…..,
සෝමතිලක ජයමහ මීට වසර ගනනාවකට පෙර ගැයූ.. පුණ්‍යා මහත්මිය අකුරු කල මේ ගීතය මගේ ජිවිතේ කතාවදැයි මට හිතෙනවා.ඔබ වෙනුවෙන් වසරේ මුල්ම ලිපිය ලියන්න හිතුවේ . මගේ ජිවිතේ මගේ මවට සේම ඉහලම ස්ථානයක් ඔබට මා ලබාදී ඇති නිසාවෙනි…

“දිනයක් එළබෙනු ඇත මන නන්දන…‍
අසුමිය මල් මත සිරිකත කැන්දන…….
මේ දිනය එලබෙන තෙක් මා බලසිටින්නේ නොඉවසිල්ලෙන්…..