Grab this

Saturday, December 11, 2010

හිමිසඳුනේ නැවත වඩිනු මැන

ඉහත කවිපෙළ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී


සිංහල බෞද්ධයන් වෙනුවෙන් ශ්‍රී සත්ධර්මය රැක ගැනීමට ජීවිත පරිත්යාගයෙන් සටන් කල අති ගෞර්වණීය අති පූජ්‍ය ගංගොඩවිල සෝම බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ 7 වන ගුණානුස්මරණය වෙනුවෙනි මේ ආවර්ජනා සටහන.. අන්තර්ජාලයෙන් උපුටාගත් ජායාරූප හා රූපපටි සදහා විශේෂ ස්තුතිය එවා අන්තර්ජාලයට මුදාහල බෞද්ධ ශ්‍රාවකයින් හට....

මහරගම ධර්මායතනයේදී අද පැවැත්වෙන වැඩසටහන පිලිබඳ තොරතුරු ලිපිය පහල සවිස්තරත්මකව අඩන්ගු කර ඇත



"යමෙක් ඔබට හොද මිනිසෙක් යැයි කියයි නම් ඒ ඔබ කෙලින් හිස තබාගෙන ඇවිදින නිසාම නොවේ.යහපත අයහපත නිවැරදි ලෙස තේරුම් ගෙන අයහපතෙන් මිදී යහපතෙහි යෙදෙන්නට තරම් සුදුසු මානසිකත්වයක් ඔබට ඇති බැවිනි.."  සෝම හිමියන් කල උතුම් ප්‍රකාශයක් ප්‍රකාශයක්

ඔබේ පායුග දන නමන්නට, 

ඔබේ සෙවනේ රැදී ඉන්නට!

අපි ලැබූ පින් අපිට අද හිමිනෑ, 

අනේ අපි අද අසරණයි.!
සෝම හාමුදුරුවනේ !!         

අපේ හාමුදුරුවනේ !!

අපේ ආගම අපේ කී ඔබ,
අපේ ජාතිය අපේ කී ඔබ ,
අපේ දේශය අපේ කී ඔබ ,
අපේ ලග අද නෑ….. අපේ හාමුදුරුවනේ.
අපේ ලෝකය අපේ වූ ඔබ..අපේ ජීවය
අපේ වූ ඔබ , අපේ දෑසග අපේ වූ ඔබ,

අපේ ලග අද නෑ…..අපේ හාමුදුරුවනේ.!

අනේ අපි අද අසරණයි.!





සම්බුද්ධ සාසනයත් සිංහල බෞද්ධයාත් රැක ගැනීමට වෙහෙසුනු සෝම හිමියන් හොර රහසේ අපවත් කරවීමට කටයිතු කල මූලධර්මවාදී නිවට පාපතරයින් හට අපි වෛර නොකරමු.මක් නිසද යත් සොම හිමි අපිට වෛර් කරන්නට අනුබල දුන්නේ නැත. එහෙත් අපරාධ කල අයට ස්භාවධර්මය නියම දඩුවම් ලබ දී ඇත. තව දුරටත් ලැබෙනු ඇත.

මහා යතිවරයනන් වහන්සේගේ ජීවිතයේ කඩඉම්...

# උපන් දිනය - 1948.04.24
# ප්‍රථම ධර්ම දේශනාව - .....01.01 [මහන වීමට පෙර!]
# ගිහි ගෙයින් නික්ම යාම - 1974.07.20
# පෑවිදි බිමට - 1974.09.20
# තම ප්‍රථම ග්‍රන්ථය,"රාහුල මාතා" එලි දෑක්වීම - 1982.07.ඈසල පෝදා
# ආරණ්‍ය ගතවීම පිනිස මහඔය වෙහෙරගල අරණ වෙත නික්ම යෑම- 1982.07.ඈසල පෝදා

# පලමු වරට ඔස්ට්‍රේලියාවට වෑඩම කිර්‍රම - 1986.05...# වික්ටෝරියා විහාරය ඉදිවීම - 1994.05...

# ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ඉදිවීම - 2002.03.24
# ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයහි මහ නා සමිදුන්ගේ සුරතින් බොධීන්වහන්සේ රෝපනය කිරීම - 2002.03.21
# ජනවිජය පදනම පිහිටුවීම - 1999.04.29
# උන්වහන්සේගේ අපවත් වීම - 2003.12.12
# ශී දේහය මෙරටට වෑඩම කීරීම - 2003.12.18
# සෝම හිමි ආදාහන උත්සවය - 2003.12.24




මහරගම ධර්මායතනයේදී අද පෑවෑත්වෙන සෝම හිමි ගුනානුස්මරන උත්සවයේ වෑඩ සටහන් විස්තරය:
4.30 - අසෝක මෑනික්ගොඩ මහතාගේ දේශනය
5.00 - පූජ්‍යැ දියතලාවේ පියදස්සි හිමියන්ගේ ධර්ම දේශනය
5.30 - පූජ්‍යැ බොරෑල්ලේ අතුල හිමියන්ගේ ධර්ම දේශනය
6.00 - සෝම හිමියන්ට උපහාර... පිනිස කෙරෙන පහන් පූජාව 
සිරස FM මගින් මේ වෑඩසටහන සවස 4.30 සිට විකාශනය කෙරෙනු ඈත. 



සෝම හිමියන්ට නිවන් සුව පත උන් වහන්සේ විසින් ලො හිත සුව පිණිස දේශනා කල ඩ්ධර්ම දේශනයක් පහත දැක්වේ







1 comment:

  1. ධර්මයට අනුව හැසිරෙන්නා ධර්මය විසින්ම ආරකෂා කරයි

    ReplyDelete