Grab this

Friday, February 11, 2011

........... ඇරඹුමක් ආදරය මතින් ..............

යන්නං වාලේ ගිය අතීතේ...‍ 
අරමුණක් නැති ජීවිතේ... 
උදේ පටන් ගන්නෙම දුමක් දාලා.... 
ලෙක්චර් එකෙන් අනිකට යද්දි විටමින් අවශ්‍යතාවයක් ... 
නැවතත් දුමක්.... 
සර්ල මිස්ල ඔලුව උඩ පටවන ඇසයිමන්ට් 
කොල සේරම බෝඩිමේ මේසෙ උඩ පුරවලා.... 
මුලින්ම 200ක් දාල කලෙක්ශන් එක පටන් ගත්තු හැටි... 
ඇඳන් දෙක මැද මේසෙ උඩ තියාගෙන හිස්කරපු ගල් බෝතල්... 
උදේට ආයෙම ඇස් රතු කරගෙන වාසිටියට... 
මතකයි මට ගතවුනා ඔහොම කාලයක්... 
දාන දාන ලයින් එක අල වෙච්ච හැටි ... 
අරක්කු මුදලාලි පෝසත් කරන්න තිබුන උනන්දුව... 
සේරම කාලයට බාරදීලා අපි අපේම ආතල් එකක් ගත්ත කාලයක්....  
මතකයි මට අද වගේ... 
කට වාචාල බේබදු කොල්ලෙක්ට බහ දුන්න හැටි... 
එලිය වැටුනා මුලු ජීවිතයම... 
සුන්දර උනා එයින් මතු හැම සිතුවිල්ලක්ම... 
අරමුණක් ආදරේට හා කරල මටත් නොදැනෙන්න නුඹ දුන්න ජීවිතේට... 
අලුත් ගමනක් ඇරඹුනා මතකයි අද වගේ... 
නුබේ සෙනෙහස ලග හීලෑ උනා මතකයි මට... 
ගෙදරටත් අකීකරු මන් දැන්.... ඔබේ පන වගේම ගෙදර හොඳ පුතු.... 
අහල තිබ්බ පිරිමියෙක් වෙත.. එනව කියල ශ්‍රියා කාන්තාවක්... 
නුබ ආ පසු මට දැනුනා පූජාසනයක් වෙන් කරන්න නුඹ වෙනුවෙන්...
 නුබේ ආදරෙන් ශක්තිය ලැබුනා ජීවිතේට.... 
දැන් මං සාර්තකයි රත්තරන්.... 
නුඹ රකින්නට දිවි පුරාවට ... හිතාගෙන පටන් ගත්ත පුංචි කොම්පැනිය ... 
ටිකෙන් ටික දලුලනවා...  
සතෙන් සතේ සල්ලි එනකොට... අනාගතය පෙනෙනකොට.... 
මට මේ හැමදෙයක්ම මතක් වෙනවා... 
එදා ඔයා ආදරේ දීපු බේබදු කොල්ලා , 
දැන් ඔයා වෙනුවෙන් ලෝකයක් හදනවා.... 
එකම එක දෙයක් මට දෙන්න..... ඒ ඔයාගෙ ආදරේ... 
ඒ ආදරේ මගේ ආශිර්වාදය වෙනවාමයි..... නුඹ මගේ මයි කියනවා මුලු ලෝකෙටම මම දැන්.....

6 comments:

  1. ලස්සනට ලියලතියනවා සහෝදරයා. මගේ සුබ පැතුම්.

    ReplyDelete
  2. බොහොම ස්තූති ඔබට සහෝදරයා...

    ReplyDelete
  3. පැහැබර අනාගතයකට සුභ පැතුම් මචං!!!

    ReplyDelete
  4. ආදරණීය සෙබලුනි
    ඉදිරියට...
    යවු

    ReplyDelete
  5. හරිම ලස්සනයි අසූ.කවිය වගේම ඔයාගෙ හිතත් ලස්සනයි කියල මම දන්නවා.

    ReplyDelete