Grab this

Saturday, February 26, 2011

ප්‍රෝඩාව

අනේ මෙහෙමත් සමාජ සේවයක්....
ගිය පාර ඉල්ලුවෙ තාත්තලු
තාත්තගෙ ශක්තිය අරන් පුතා
තරුණ ජවයෙන් පෙරටම යන්නලු කල්පනාව...
ලස්සනට පාට කරල තිබ්බ අපේ තාප්පෙ...
එහා ගෙදර විතරක් නෙවෙයි
පංසලේ තාප්පෙත්
චන්දෙට පස්සෙ සූරල රොටී හදල ගමටම දෙන්න පාප්ප නාවලා...
ලක්ෂ ගානක්ලු පෝස්ටර් කටවුට් සේරටම...
අල්ලපු ගමේ සිමියොන්ගෙ පවුල මැරිලලු
ගහන්න කියපු ඉන්ජෙක්ශන් එක ගන්න සල්ලි නැතිව...
මහා ලොකු සමාජ සේවකයො
අනුන්ගෙ තාප්ප වහන්න යන්නෙ නැතිව
අසරන මිනිහෙක්ට උදව් කරානම් නොවටීද බොලාට....
මහ එකා ගිය පාර කටින් හදල ගිය පිට්ටනිය
තව ටික දවසකින් රූස්ස වනාන්තරයක්...
පුංචි එවුන් තාමත් බලන් ඉන්නවා
ඉස්කෝලෙ අලුත් බිල්ඩිමේ පංතියට යන්න...
අසරන දාවිත්ගෙ කෙල්ල නිස්කාරනේ මැරිල ගියා...
නීතිය කොහෙන්ද තාත්ත මන්ත්‍රී කොට...
ලමිස්සියක් පෙන්නන්න බැරිව මානසික අසහනයෙන් හිටපු එකා...
ජනතා පැතුම වෙලා
අපූරුයි මේ නාඩගම
ගමට හිතැති තාත්තගේ කාගෙත් හීතවත් පුතා දිනවමු...!
ඔව් තවම හම්බකොරේ පරම්පරා දෙක තුනටනේ..
හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න වගේ කල්පනාව...
අනේ මේ වගේ සමාජ සේවකයො ලබන්න ගමේ මිනිස්සු පව් කාර වෙච්ච හැටි....

7 comments:

  1. මොනා උනත් ඇත්ත කථාව.... අපිව රවට්ටන එවුන් තමයි මුන්

    ReplyDelete
  2. hoda aya wagema naraka ayath innava. avanka nethi deshapalakayo kavadahari vinaashaya lagakaragannava kiyala mama hithanne

    ReplyDelete
  3. ඇත්තම කතාව අයියේ

    ReplyDelete
  4. මේක ඉතින් එදා ඉඳන්ම වෙන ප්‍රෝඩාවනෙ. ඒක දැන දැනමයි මිනිස්සු නැවත නැවතත් මෙහෙම එවුන්ව පත් කර ගන්නෙ. ඒක රැවටිලා කරනව කියන්නත් බෑ. මොකද හොඳටම දන්නවනෙ මේකයි සිද්ධ‍ වෙන්නෙ කියල.

    ReplyDelete
  5. මොනව කරන්නද බං හොද එවුං ඔය දහජරා රස්සාවට යන්න කැමතිත් නැහැනේ?

    ReplyDelete
  6. මිනිස්ස්සු දන්නවා නමුත් නොදන්නවා වගේ ඉන්නවා.. එක ලේසි නිසා.

    ReplyDelete
  7. මේ බ්ලොග් එක දැක්කෙ අද.හරි වටිනවා.කතාව ඇත්ත තමයි.දේශපාලඥයන්ගෙ පුත්තු යක්කු වගේ.

    ReplyDelete