Grab this

Thursday, February 17, 2011

පොෂ් වීම හා පල් වීම

ගෙන්දගම් පොලොවේ උෂ්නෙට රත් වෙලා වෙලා ඉදල ඉදල ගමට ගියා කෙටිම කෙටි නිවාඩුවකට.

 එදාම හවස හංදියට ගියෙ කඩේකට ගොඩවැදිල බිත්තර ආප්පයක් කාල තේ එකක් බීල එන්න. එතකොට මගෙ පරණ මිත්‍රයෙක් හම්බුනා....  


"හලෝ අසුවා..., සෝ සෝ හවු ආ යූ....." 

මෙන්න බොලේ කඩේට ආවේ මම කොලීජියකට ඉගෙනගන්න යන කාලෙ ගමේ ඉස්කෝලෙට ගියපු මගෙ අතිජාත මිත්‍රයෙක් .. යකෝ මේකට අමුකැවිලද... කපුටො එලවන්න වගේ මට සෝ සෝ කිව්වෙ... අනේ මන්ද ඉස්සර හම්බුනාමනම් බඩ කට පුරා "ආ.. අසුලෙ... මහත්වෙලා.. කොල්ලා..ආආආඅ...." කියල කතාකරපු එකාට දැන් මේ අමු කැවිලද?? මොනව උනත් මම කථාකලා

 "ආ මචන්.. හුඟ කාලෙකට පස්සෙ... උබ අඳුනගන්නත් බෑ ලොක්කො... වෙනස් වෙලා.."

 "යා යා මචන්... ජිම් ගිහින් බොඩි එක පොඩ්ඩක් හදාගත්ත..." 

මොන මලදානයක් වෙලාද යසට හිටපු එකාට

 "ඉතින් අසුලෙ... වට් ආ යූ ඩුයින් දීස් ඩේස්..." 

ඔන්න එතකොට නම් මට මල පැන්න.. ඇයි යකෝ ප්‍රසිද්ද ඉස්කෝලෙකට ගිහින් කැම්පස් එකෙත් ඉංග්‍රීසියෙන්ම ඉගෙනගෙන මම සින්හල කතා කරනව.. මේක මගුලක් කියනව.

 "මොකෝ බන් උබ නිකන් කඩ්ඩ දාන්නෙ" 

"නෝ මචන් කතාකෙරෙනව ඉබේම.. ෆොරිනර්ස්ල එක්ක වැඩ" 

" ආ එහෙමද?? කොදයි කොල්ලො රස්සාවකට ගිය එක " 

"ඩෙෆිනේට්ලි මචන් ...,මම ගර්ල් එක්ක යූකේ යන්න ඉන්නෙ බන්"

 "අම්මට සිරි හොදයි හොදයි මචෝ.." 

ඔහොම ඔහොම මිනිහා වර්ණනාවක් කලා.. මට හොදටම කේන්ති ගිහින් හිටියෙ මේකා මේ කතාකරන විදිය ගැන. මිනිහගෙ ආච්චි තාමත් පාරෙදි මට හම්බුනත් " අප්පේ මයෙ පුතේ.. දැක්ක කල්.." කියනව.. ඒ වයසක උන්දැටත් මේක මෙහෙමද කතා කරන්නෙ. දැන් තමයි හොදම ටික උනේ කථා කර කර ඉන්නකොට මිනිහ මට කියනව

 "මොකද බන් උඹ තාමත් හිටිය වගේනෙ කොන්ඩෙ ටිකක් ස්ට්‍රේට් කරල ටැටූ එකක් එහෙම ගහපන්කෝ... මොනාද බන් උබ ඔය ඇදන් ඉන්න ඇදුම (මම එවෙලෙ ඇදන් හිටියෙ මගෙ කොට කලිසමයි කමිසෙකුයි සෙරෙප්පු දෙකයි) දැන් වත් ටවුන් බහිනකොට කිට මරල වරෙන්. උඹල කොලඹ හිටියට ෆෝවඩ් නෑනෙ"

 අනේ මගෙ කට යකෝ පයින් එන දුර තියෙන කඩේට එන්න මම ටයි කෝට් දාන්නද... මගෙ කටට හොද ඒව එනව දැන් නම්.. මට තරහ ගියා උපරිමෙට ඒත් ඒ වෙලාවෙ මම තරහ පාලනේ කරගෙන හොද උත්තරයක් දුන්න

 " අනේ මචන් උඹ වගේ නෙවෙයිනෙ ඉතින් මම. මම ගොඩයෙක් වෙන්න ආසයි. උඹ දන්නවද ලංකාවෙ පලවෙනි අගමැති... එයා උඹ වගේ හෝටලේක සුද්දන්ගෙ කකුල් හෝදපු මිනිහෙක් නෙවෙයි. ඒත් අගමැතිතුමා කියල ය්ූඉයනවලු මිනිස්සු මට ගොඩයා කියන එක මට ආඩම්බරයක්.. මම ගොඩයෙක්... කියල. ඉතින් බන් ඒ වගේ මාත් කැමති බන් මැරෙනකල්ම මෙහෙම ඉන්න. කොලඹ ඉදන් ගමට එන්නෙ ගමේ මිනිස්සුන්ට ඉංග්‍රීසි පන්නෙ පෙන්නන්නවත්, නාගරික කම පෙන්නන්නවත් නෙවෙයි බං" කියල මම කිව්වා.. 

කිව්ව විතරයි මේක යන්න ගියා මේ සිද්දිය ගැන ගෙදර ඇවිල්ලා ගොඩක් වෙලා කල්පනා කරල තමයි බ්ලොග් එකට ලියන්න හිතුවේ... අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු. මුන්ට පාට පාට රෙදි කෑලි ටිකක් අඳින්න ලැබිලා තොල් නිය සායම් ගාපු කෙල්ලෙක් කථා කොරා කියල මුන් එංගලන්තෙ පෙකනිවැල කපාපු උන් වෙන්න හදනවා... හැබැයි ඔය කොයි කවුරුත් දන්නැති එකම දෙයක් තියෙනවා.ගමෙන් පිට වෙලා ටික කාලෙකින් සුදු මහත්තුරු වෙලා... මෝස්තර නිරූපකයො වෙලා... පොෂ් කට්ටිය වෙලා එන මිනිස්සුන්ට වඩා ගිය තැනක ඉදන් කොහොම හිටියත් .. ගමට එනකොට කලින් තිබ්බ ගැමිකම අරන් එන එක වටිනව.. ඒ වටිනාකම නිසා මම කෝච්චියෙන් බැස්ස ගමන් ත්‍රීවීලර් එලවන අයිය කෙනෙක් ගේ ලගටම ගෙනත් දාන්නෙ.. පාරේ යනව දැක්කොත් වැටෙන් වැටට "ආ මල්ලි..., ආ අයියේ.., ආ  පුතේ., ආ මහත්තයා... කියල ගමේ මිනිස්සුන්ගෙ සුහඳ කථා කන වැකෙන්නෙ. ගමේ මිනිස්සු එක්‍ රොක් වෙච්ච වෙලාවට 
"අනේ අර මහත්තයනම් අප්පේ බුදුන් උපන්දා හොඳ මහත්තයා... දැක්ක තැන කථා කරනව.. ඊයෙ එනකොටත් නැන්දේ කියල කටපුරා කතා කරා..." 

වගේ හොඳ නම ගම පුරාම යන්නෙ... අද මට හම්බුන උනදැ වගේ ගමට ඇවිල්ල මම කොලඹ ඌෂ්නෙ ගහල පොෂ් වෙන්න හැදුවනම් අහන්න වෙන්නෙ ගමේ ලිද ලග ගෑනු නාට වෙලාවක එහෙම නැත්තං ඕපාදූප කථාකරන වෙලාවක " අප්පච්චියේ අරකගෙ තියන ස්ටැයිල් එක නම්... නොදකින් විතරක්, " කියල තමයි.

 ඩී. ඇස් සේනානායක මහත්තයා කිව්ව වගේ ගමක ඉපදිල හැදිල වැඩිල කොලඹ ගිහින් ගෙන්දගම් පොළවෙත් නමක් දරාගෙන ඉන්න අපිට කවුරුහරි ගොඩය කියන එකත් ආඩම්බරයක්. මෝස්තර ඇඳුම් කෑලි එල්ලගෙන කොන්ඩ පාට කරල සිංහලත් නිවෙන ඉංග්‍රීසිත් නොවෙන භාශාවකින් කථා කොරල පොෂ් වෙනවට වඩා රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ හොද නම අරගෙන සාර්ථක මිනිහෙක් විදියට රජෙක් වගේ ගොදයෙක් විදිටය ඉන්න එක මොන තරම් ආඩම්බරද.... ගොඩේ අපිට.





15 comments:

  1. සහතික ඇත්ත කථාව. හුඟක් මිනිස්සු වරද්දගන්න එක තැනක් තමයි ඕක. කාටත් ගැළපෙන ලිපියක්

    ReplyDelete
  2. ඔය බොර ශෝ වලට විනිවිද භාවයෙන් හැමදේම එලියට පෙනවා... මෝඩකම..නුගත් කමත්...
    උගත් මිනිස්සු තැනේ හැටීයට ඉන්නත් හැසිරෙන්නත අමුතුවෙන් උගන්නන දෙයක් නැ... ඒ හැමදේම දිහා බලන් හැරිලා එන එක හොදයි අයියා අවශ්ය උත්තරේ දිලා ..නිකන් ලේ පුච්ච ගන්නේ නැතුව..

    ReplyDelete
  3. ඇත්තමයි යහලුවා..... ඕකයි අපිට වැරදුනු තැන............

    ReplyDelete
  4. මටත් පේනනම බැරිදෙයක් තමයි ..........ඕක,මොකටද නිකම් බොරු ශෝබන............

    ReplyDelete
  5. මමත් ගොඩයෙක්. ඒ ගැන මම සතුටුයි. තැනට සදුසු විදියට හැද පැලදගෙන යන්න සමාජය ගැන ලොකු වැටහීමකුත්, අත්දැකීම් රාශියකුත් අවශ්‍යයි.

    ප.ලි. මම ඉපදුනෙත් ගොඩේ කියන පදය ලගින් යන පුංචි ගමක තමා.

    අම්බලන්ගොඩ

    ReplyDelete
  6. නිම්ශා සහ හිශාන් - ඇත්ත මිනිස්සු උනාම තැනට සුදුසු ගැලපෙන විදියට වැඩ කරන්න ඔනෙ

    ReplyDelete
  7. apo ubala maha godayo ne godakne ban.denwath posh weyan

    ReplyDelete
  8. අද ලන්කාවෙ දකින්න තියන අප්‍රියම දෙයක් තමා ඕක.

    ReplyDelete
  9. ජීවත්වෙන්නෙ අනෙක් උන්ට පෙන්නන්නද නැත්නම් තමන්ට ඕනි නිසාද කියන එකයි ප්‍රශ්ණෙ. ගොඩක් මේ වගේ පුද්ගලයන්ට තමන් ජීවත් වන හැම ආකාරයක්ම අනුන්ට පෙන්නන්න විතරයි. "අනුන්" නොහිටියනම් මුංට මොනා වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  10. නමක් ගමක් නැතිව කමෙන්ට් දාපු ඔබතුමා කවුරු වුනත් කියන්න තියෙන්නෙ අපි බොහොම ආඩම්බරයෙන් කියනව අපේ ඇගේ දුවන්නෙ ලන්කාවෙ ගොඩේ ලේ කියල. ඔබේ වගේ මුහුම් වෙච්ච බටහිර ලේ අපේ ලඟ නෑ.. ඒ මොකද අපේ මී මිත්තනියො බොහොම ආචාර සම්පන්නව ජීවත් වෙලා තියන නිසා ගමේ ගොඩේ. ඔබේ මී මිත්තනියන් වගේ හොරෙන් හොරෙන් සුද්දන්ගෙ ගෙවල් වල රිංගන්නෙ නැතුව. මෙත්න කමෙන්ට් දාපු අනිත් හැමෝම සරල ජීවිතය අගේ කරන... බොරු සොප්පඩ විජ්ජා වලින් තමන්ගෙ වටිනාකම නැති කර නොගන්නා අයයි. නමුත් ඒ අතර, ඒ ප්‍රතිචාර දක්වපු අයටයි මටයි "උබල මහ ගොඩයොනෙ බන්" කිව්ව හිතවතාගේ ජම්මය සහ ජාතිය මනාව පිලිබිබු වෙනව මෙතනින්.

    ReplyDelete
  11. අවුට් සයිඩර් සහ බූරු පුතා -- ඇත්ත ඔබ කිව්ව කථාව සහතික ඇත්ත. සමහර අය ජීවත් වෙන්නෙ අනුන්ට පෙන්නන්න. මේව තමයි මචන් පිරිහීමේ ලක්ෂන කියන්නෙ. දියුණුවක් නත්තෙ මේකයි

    ReplyDelete
  12. මසුරන් කතාව අසුවා :)

    ReplyDelete
  13. සම්පූර්නයෙන්ම එකඟයි මිත්‍රයා.

    ReplyDelete
  14. බොහොම ස්තූති කොඩී... විභාගෙ අස්සෙ මගෙ අඩවියට ගොඩවැදුනට. කමෙන්ට් කරපු හැම සහෝදරයෙක්ටම, සහෝදරියක්ටම ස්තූති කරනවා

    ReplyDelete
  15. බොහොම වටිනව යාළුව ...

    ReplyDelete