Grab this

Monday, January 10, 2011

අම්මා

හුස්ම වැටෙන හැම වෙලාවකදිම හිතට දැනෙන පහන් හැගීමට නමක් දෙන්න කීවොත් ඒකට ගැළපෙනම නම ආදරණීය අම්මා වෙනුවෙන් හිතේ ඇතිවන මහා ආදරයයි... තුන් ලෝකයේම බලගතුම ශක්තිය මවකගේ ආදරය බව අප දනිමු. මට මෙන්ම මේ ලෝකේ ප්‍රාණීන් ලෙස ජනිත වන සියලුදෙනාටම මවක් ඇත. මිසරයේ පිරමීඩ පීසාහි ඇලවෙන කුළුණ ලෝක පුදුම කියන ලොවක එයට තවත් දෙයක් එක්කිරීමට අපට අමතකවී ඇත ලොව ඇති විශිෂ්ඨතම පුදුමය අම්මාගේ ආදරයයි, සෙනෙහසයි.. කිසිදු උපමාවකින් අලංකෘත කල නොහැකි වචන වලින් විස්තර කල නොහැකි යම් දෙයක් වේද ඒ අම්මාගේ ආදරයයි.මවක් තම දරුවන් කෙරේ ඇති ආදරයට සීම මායිම් නොමැත. ලොකය තුල මනුශ්‍යාගේ මොන යම් හෝ සුන්දරත්වයක් තිබේද ඒ සියලු සුන්දරත්වයන් හැදවනුයේ මවුවරුන්නෙ අපමණ සෙනෙහස නිසාවෙනි. සම්බුද්ධත්වය පතා පාරමිතා පරිපූර්න කළ බුදුන් වහන්සේ ශරීර උපාංග දන් දීමට කටයුතු කල බව අපි දනිමු. ඒපරිද්දෙන්ම ආදරනීය මෑණියන් තම රුහිරු ක්ෂීරය බවට පත්කොට   දරුවන්ට දෙනුයේ පාරමිතාවක් සම්පූර්න කිරීමට නොවේ.. ආදරනීය දරුවා පෝෂනය කිරීමටයි. මෙතරම් උත්තම අම්මා ගෙදර බුදුන්  වන්නේ මෙකී ගුන කඳ නිසාවෙනි. මුලු ලොවම නැති උනත්, අපට අප වෙනුවෙන් ඉතුරුවන එකම සම්පත අම්මාගේ ආදරයයි. මගේ අම්මාද නුඹේ අම්මාද ඇතුලු අම්මාවරු සියලුදෙනා බුදුබව ලබන්නට පෙරුම් පුරන්නියන් වෙති.අම්මාගෙන් මා ලද පිරිමිකම, අම්මාගෙන් මා ලද පෞර්ශය තුල හැමදාමත් මා ගොඩනැගෙන බව ඉහලට යන බව මම දනිමි.අම්මා ලඟ මං තාමත් පොඩි කොල්ලාමයි.. අම්මට ඉක්මනට සුවවේවා.අම්මාගේ ඇගිල්ලක් කැපිලා ගොඩක් දුක නිසා තුනී කරගන්නයි මේක ලිව්වේ..

4 comments:

  1. අම්ම ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  2. ඔබේ මෑණියන්ට මමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරණවා.

    ReplyDelete
  3. ඔව් ඔව්. මමත් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    @Hishan, ඩිනෙශ්
    උබලා දෙන්නාගෙම අකුරු වැරදියි යකුනේ.
    ප්‍රාර්තනා...
    කරණවා.

    ReplyDelete
  4. ඔබේ අම්මාට ඉක්මණින් සුවය පතමි.

    ReplyDelete