Grab this

Saturday, February 26, 2011

ප්‍රෝඩාව

අනේ මෙහෙමත් සමාජ සේවයක්....
ගිය පාර ඉල්ලුවෙ තාත්තලු
තාත්තගෙ ශක්තිය අරන් පුතා
තරුණ ජවයෙන් පෙරටම යන්නලු කල්පනාව...
ලස්සනට පාට කරල තිබ්බ අපේ තාප්පෙ...
එහා ගෙදර විතරක් නෙවෙයි
පංසලේ තාප්පෙත්
චන්දෙට පස්සෙ සූරල රොටී හදල ගමටම දෙන්න පාප්ප නාවලා...
ලක්ෂ ගානක්ලු පෝස්ටර් කටවුට් සේරටම...
අල්ලපු ගමේ සිමියොන්ගෙ පවුල මැරිලලු
ගහන්න කියපු ඉන්ජෙක්ශන් එක ගන්න සල්ලි නැතිව...
මහා ලොකු සමාජ සේවකයො
අනුන්ගෙ තාප්ප වහන්න යන්නෙ නැතිව
අසරන මිනිහෙක්ට උදව් කරානම් නොවටීද බොලාට....
මහ එකා ගිය පාර කටින් හදල ගිය පිට්ටනිය
තව ටික දවසකින් රූස්ස වනාන්තරයක්...
පුංචි එවුන් තාමත් බලන් ඉන්නවා
ඉස්කෝලෙ අලුත් බිල්ඩිමේ පංතියට යන්න...
අසරන දාවිත්ගෙ කෙල්ල නිස්කාරනේ මැරිල ගියා...
නීතිය කොහෙන්ද තාත්ත මන්ත්‍රී කොට...
ලමිස්සියක් පෙන්නන්න බැරිව මානසික අසහනයෙන් හිටපු එකා...
ජනතා පැතුම වෙලා
අපූරුයි මේ නාඩගම
ගමට හිතැති තාත්තගේ කාගෙත් හීතවත් පුතා දිනවමු...!
ඔව් තවම හම්බකොරේ පරම්පරා දෙක තුනටනේ..
හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න වගේ කල්පනාව...
අනේ මේ වගේ සමාජ සේවකයො ලබන්න ගමේ මිනිස්සු පව් කාර වෙච්ච හැටි....

Thursday, February 17, 2011

පොෂ් වීම හා පල් වීම

ගෙන්දගම් පොලොවේ උෂ්නෙට රත් වෙලා වෙලා ඉදල ඉදල ගමට ගියා කෙටිම කෙටි නිවාඩුවකට.

 එදාම හවස හංදියට ගියෙ කඩේකට ගොඩවැදිල බිත්තර ආප්පයක් කාල තේ එකක් බීල එන්න. එතකොට මගෙ පරණ මිත්‍රයෙක් හම්බුනා....  


"හලෝ අසුවා..., සෝ සෝ හවු ආ යූ....." 

මෙන්න බොලේ කඩේට ආවේ මම කොලීජියකට ඉගෙනගන්න යන කාලෙ ගමේ ඉස්කෝලෙට ගියපු මගෙ අතිජාත මිත්‍රයෙක් .. යකෝ මේකට අමුකැවිලද... කපුටො එලවන්න වගේ මට සෝ සෝ කිව්වෙ... අනේ මන්ද ඉස්සර හම්බුනාමනම් බඩ කට පුරා "ආ.. අසුලෙ... මහත්වෙලා.. කොල්ලා..ආආආඅ...." කියල කතාකරපු එකාට දැන් මේ අමු කැවිලද?? මොනව උනත් මම කථාකලා

 "ආ මචන්.. හුඟ කාලෙකට පස්සෙ... උබ අඳුනගන්නත් බෑ ලොක්කො... වෙනස් වෙලා.."

 "යා යා මචන්... ජිම් ගිහින් බොඩි එක පොඩ්ඩක් හදාගත්ත..." 

මොන මලදානයක් වෙලාද යසට හිටපු එකාට

 "ඉතින් අසුලෙ... වට් ආ යූ ඩුයින් දීස් ඩේස්..." 

ඔන්න එතකොට නම් මට මල පැන්න.. ඇයි යකෝ ප්‍රසිද්ද ඉස්කෝලෙකට ගිහින් කැම්පස් එකෙත් ඉංග්‍රීසියෙන්ම ඉගෙනගෙන මම සින්හල කතා කරනව.. මේක මගුලක් කියනව.

 "මොකෝ බන් උබ නිකන් කඩ්ඩ දාන්නෙ" 

"නෝ මචන් කතාකෙරෙනව ඉබේම.. ෆොරිනර්ස්ල එක්ක වැඩ" 

" ආ එහෙමද?? කොදයි කොල්ලො රස්සාවකට ගිය එක " 

"ඩෙෆිනේට්ලි මචන් ...,මම ගර්ල් එක්ක යූකේ යන්න ඉන්නෙ බන්"

 "අම්මට සිරි හොදයි හොදයි මචෝ.." 

ඔහොම ඔහොම මිනිහා වර්ණනාවක් කලා.. මට හොදටම කේන්ති ගිහින් හිටියෙ මේකා මේ කතාකරන විදිය ගැන. මිනිහගෙ ආච්චි තාමත් පාරෙදි මට හම්බුනත් " අප්පේ මයෙ පුතේ.. දැක්ක කල්.." කියනව.. ඒ වයසක උන්දැටත් මේක මෙහෙමද කතා කරන්නෙ. දැන් තමයි හොදම ටික උනේ කථා කර කර ඉන්නකොට මිනිහ මට කියනව

 "මොකද බන් උඹ තාමත් හිටිය වගේනෙ කොන්ඩෙ ටිකක් ස්ට්‍රේට් කරල ටැටූ එකක් එහෙම ගහපන්කෝ... මොනාද බන් උබ ඔය ඇදන් ඉන්න ඇදුම (මම එවෙලෙ ඇදන් හිටියෙ මගෙ කොට කලිසමයි කමිසෙකුයි සෙරෙප්පු දෙකයි) දැන් වත් ටවුන් බහිනකොට කිට මරල වරෙන්. උඹල කොලඹ හිටියට ෆෝවඩ් නෑනෙ"

 අනේ මගෙ කට යකෝ පයින් එන දුර තියෙන කඩේට එන්න මම ටයි කෝට් දාන්නද... මගෙ කටට හොද ඒව එනව දැන් නම්.. මට තරහ ගියා උපරිමෙට ඒත් ඒ වෙලාවෙ මම තරහ පාලනේ කරගෙන හොද උත්තරයක් දුන්න

 " අනේ මචන් උඹ වගේ නෙවෙයිනෙ ඉතින් මම. මම ගොඩයෙක් වෙන්න ආසයි. උඹ දන්නවද ලංකාවෙ පලවෙනි අගමැති... එයා උඹ වගේ හෝටලේක සුද්දන්ගෙ කකුල් හෝදපු මිනිහෙක් නෙවෙයි. ඒත් අගමැතිතුමා කියල ය්ූඉයනවලු මිනිස්සු මට ගොඩයා කියන එක මට ආඩම්බරයක්.. මම ගොඩයෙක්... කියල. ඉතින් බන් ඒ වගේ මාත් කැමති බන් මැරෙනකල්ම මෙහෙම ඉන්න. කොලඹ ඉදන් ගමට එන්නෙ ගමේ මිනිස්සුන්ට ඉංග්‍රීසි පන්නෙ පෙන්නන්නවත්, නාගරික කම පෙන්නන්නවත් නෙවෙයි බං" කියල මම කිව්වා.. 

කිව්ව විතරයි මේක යන්න ගියා මේ සිද්දිය ගැන ගෙදර ඇවිල්ලා ගොඩක් වෙලා කල්පනා කරල තමයි බ්ලොග් එකට ලියන්න හිතුවේ... අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු. මුන්ට පාට පාට රෙදි කෑලි ටිකක් අඳින්න ලැබිලා තොල් නිය සායම් ගාපු කෙල්ලෙක් කථා කොරා කියල මුන් එංගලන්තෙ පෙකනිවැල කපාපු උන් වෙන්න හදනවා... හැබැයි ඔය කොයි කවුරුත් දන්නැති එකම දෙයක් තියෙනවා.ගමෙන් පිට වෙලා ටික කාලෙකින් සුදු මහත්තුරු වෙලා... මෝස්තර නිරූපකයො වෙලා... පොෂ් කට්ටිය වෙලා එන මිනිස්සුන්ට වඩා ගිය තැනක ඉදන් කොහොම හිටියත් .. ගමට එනකොට කලින් තිබ්බ ගැමිකම අරන් එන එක වටිනව.. ඒ වටිනාකම නිසා මම කෝච්චියෙන් බැස්ස ගමන් ත්‍රීවීලර් එලවන අයිය කෙනෙක් ගේ ලගටම ගෙනත් දාන්නෙ.. පාරේ යනව දැක්කොත් වැටෙන් වැටට "ආ මල්ලි..., ආ අයියේ.., ආ  පුතේ., ආ මහත්තයා... කියල ගමේ මිනිස්සුන්ගෙ සුහඳ කථා කන වැකෙන්නෙ. ගමේ මිනිස්සු එක්‍ රොක් වෙච්ච වෙලාවට 
"අනේ අර මහත්තයනම් අප්පේ බුදුන් උපන්දා හොඳ මහත්තයා... දැක්ක තැන කථා කරනව.. ඊයෙ එනකොටත් නැන්දේ කියල කටපුරා කතා කරා..." 

වගේ හොඳ නම ගම පුරාම යන්නෙ... අද මට හම්බුන උනදැ වගේ ගමට ඇවිල්ල මම කොලඹ ඌෂ්නෙ ගහල පොෂ් වෙන්න හැදුවනම් අහන්න වෙන්නෙ ගමේ ලිද ලග ගෑනු නාට වෙලාවක එහෙම නැත්තං ඕපාදූප කථාකරන වෙලාවක " අප්පච්චියේ අරකගෙ තියන ස්ටැයිල් එක නම්... නොදකින් විතරක්, " කියල තමයි.

 ඩී. ඇස් සේනානායක මහත්තයා කිව්ව වගේ ගමක ඉපදිල හැදිල වැඩිල කොලඹ ගිහින් ගෙන්දගම් පොළවෙත් නමක් දරාගෙන ඉන්න අපිට කවුරුහරි ගොඩය කියන එකත් ආඩම්බරයක්. මෝස්තර ඇඳුම් කෑලි එල්ලගෙන කොන්ඩ පාට කරල සිංහලත් නිවෙන ඉංග්‍රීසිත් නොවෙන භාශාවකින් කථා කොරල පොෂ් වෙනවට වඩා රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ හොද නම අරගෙන සාර්ථක මිනිහෙක් විදියට රජෙක් වගේ ගොදයෙක් විදිටය ඉන්න එක මොන තරම් ආඩම්බරද.... ගොඩේ අපිට.





Friday, February 11, 2011

මහත්තයෙක් වෙයන් පුතේ

අද කැම්පස් එකේ වෙච්ච දෙයක් නිසා තමයි මේ ලිපිය ලියන්න මට හිතුනේ. අපි ඉපදෙනකොට ඉපදෙන්නෙ ඇඟේ නූල් පොටක් නැතුව. ඒ කියන්නෙ අපි විලිවහගන්නෙවත් නැතිව තමයි ඉපදෙන්නෙ. මේ ලෝකෙ එලිය දුටුව දා ඉදල දෙමවුපියෝ උත්සාහ කරන්නෙ අර හෙලුවැල්ලෙන් උපන් තමන්ගෙ පුතා මහත්තයයෙක් කරන්න. "අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා..." කියල ගීතයක් චන්ඩි පුතා චිත්‍රපටියේ නිර්මාණය කරන්න වුනේ. මම මේ කියන්න හදන්නේ දුවලට වටිනාකමක් නෑ කියල නෙමෙයි. අම්මෙක්ගෙ කුසෙන් බිහිවෙන දූ කෙනෙක් තමයි කවදහරි දවසක අම්මෙක් වෙලා තවත් ජීවිතයක් ලෝකෙට තිළින කරන්නෙ.. නමුත් මා කියන්න හදන්නෙ තමන් කිරි කැටි පුතණුවන් කෙනෙක්ගෙ තාත්තෙක් කියල දැනගත්ත ගමන්ම තාත්තෙක්ට ඇතිවන සතුට ආඩම්බරය.. අම්මෙක්ට ඇතිවන සතුට පුදුම දෙයක්.. ලතා වල්පොල මහත්මිය කියන විදියටම ඒ පුතා මහත්තෙක් කරන්න ඉපදුන දවසේ ඉදන් වෙහෙස මහන්සි වෙනවා.. අම්ම කෙනෙක් පුංචි පුංචි බත් ගුලි හදල ඒව කවනකොට කියන්නෙ " මගේ පුතා ලොකු මහත්තයෙක් වෙලා කවදහරි....................." වගේ කතා. මේ හැමතැනදිම එකම එක දෙයක් මනාව පේනවා තමන් වදාපු දරුවා රටේ ලෝකේ හොද මිනිහෙක් කරන්න දෙමාපියන්ට තියන උනන්දුව.. හොද මහත්තයෙක් වගේ හැදෙන දරුව තමයි කවදහරි තමුන් වගේම කාන්තාවක් පාවා ගෙන තාත්තෙක් වෙන්නෙ කියන එක අම්ම කෙනෙක් දන්නවා. මහත්තෙක් වගේ හැදුන පුතා තමයි යන යන තැන හොද නමක් අරගෙන තමන්ගෙ ලේ වල ගෞරවය තියන්නෙ කියල තාත්තෙක් දන්නවා.. අම්මයි තාත්තයි පුතෙක්ව මහත්තයෙක් කරන්න මෙච්චර දගලන්නෙ ඒකයි. 

අද උදේම මගෙ බැජ්ජෙක් මල්ලි කෙනෙක්ට අවවාදයක් දීලා...... මොකද්ද අවවාදෙ වැදගත් තැනකදි, ලෙක්චර් කෙනෙක් එක්ක කතා කරනකොට, ලෙක්චර් හෝල් වල කැප් තොප්පි දාන්න එපා කියලා... කොච්චර හොද අවවාදයක්ද.. රාහුල හාමුදුරුවො අවු7 දි වැලි අහුරක් අරන් 'මේ අහුරෙ තියන වැලි තරමට මට අද අවවාද ලැබෙන්න ඕනෙ" කියල ප්‍රාර්තනා කලා නම් මෙච්චර ඉගෙනගෙන අවුරුදු 20ක් 21ක් වෙච්ච කොල්ලෙකුට ඇයි අවවාදයක් අහන්න බැරි.. ඒ අවාසනාවන්ත මල්ලි මගෙ යාලුව එක්ක බහින් බස් වෙලා.. කොල්ලො සේරම එකතුවෙලා ගහන්නමයි ගියෙ... ඒත් මම මැදිහත් වෙලා අපේ උන් ටික ශේප් කරල අයෙම සැරයක් හොදින් තේරුම් කරල දුන්නා.. ඒත් මල්ලියේ උඹලට උපදෙසක් දෙන්නෙ අපිට වෙන වැඩ නැතුවට නෙවෙයි උබල කවදහරි ලෝකෙට ගිහාම ඔය වගේ දේවල් හදාගෙන ගියෙ නැත්තම් ලෝකෙ මිනිස්සු බනින්නෙ උඹලව හදපු වදපු දෙමාපියන්ටයි.. මල්ලියේ ඇඟේ නූල් පොටක් නැතුව ලෝකෙට ආපු උඹව මහත්තයෙක් කරන්න ඒ අම්මයි තාත්තයි දැකපු සිහින වලට වටිනාකමක් දෙන්න නම් උඹ මහත්තයෙක් වෙන්නම ඕනෙ. උඹලට දෙන අවවාද උපදෙස් පිලිපදින්න ඕනෙ අපිට ඕනෙ හින්ද නෙවෙයි. උබල මහත්තුරු වගේ ලෝකෙන් හොද නම අරගෙන රජෙක් වගේ ගෙදර එනකල් මග බලා ඉන්න අම්මයි තත්තයි වෙනුවෙන්. කඳ බඩ උස් මහත් උනාට තමන්ගෙ යහ ගුන උස් මහත් උනේ නැත්තම් අපි යන යන තැන පල් වෙනවා.  තමන්ට හැදෙන්න කවුරුන් හෝ දෙන උපදෙසක් වෛරයෙන් භාරගන්නා හැමෝටම එක දෙයක් මම අන්තිමට මතක් කරනවා "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී" 

........... ඇරඹුමක් ආදරය මතින් ..............

යන්නං වාලේ ගිය අතීතේ...‍ 
අරමුණක් නැති ජීවිතේ... 
උදේ පටන් ගන්නෙම දුමක් දාලා.... 
ලෙක්චර් එකෙන් අනිකට යද්දි විටමින් අවශ්‍යතාවයක් ... 
නැවතත් දුමක්.... 
සර්ල මිස්ල ඔලුව උඩ පටවන ඇසයිමන්ට් 
කොල සේරම බෝඩිමේ මේසෙ උඩ පුරවලා.... 
මුලින්ම 200ක් දාල කලෙක්ශන් එක පටන් ගත්තු හැටි... 
ඇඳන් දෙක මැද මේසෙ උඩ තියාගෙන හිස්කරපු ගල් බෝතල්... 
උදේට ආයෙම ඇස් රතු කරගෙන වාසිටියට... 
මතකයි මට ගතවුනා ඔහොම කාලයක්... 
දාන දාන ලයින් එක අල වෙච්ච හැටි ... 
අරක්කු මුදලාලි පෝසත් කරන්න තිබුන උනන්දුව... 
සේරම කාලයට බාරදීලා අපි අපේම ආතල් එකක් ගත්ත කාලයක්....  
මතකයි මට අද වගේ... 
කට වාචාල බේබදු කොල්ලෙක්ට බහ දුන්න හැටි... 
එලිය වැටුනා මුලු ජීවිතයම... 
සුන්දර උනා එයින් මතු හැම සිතුවිල්ලක්ම... 
අරමුණක් ආදරේට හා කරල මටත් නොදැනෙන්න නුඹ දුන්න ජීවිතේට... 
අලුත් ගමනක් ඇරඹුනා මතකයි අද වගේ... 
නුබේ සෙනෙහස ලග හීලෑ උනා මතකයි මට... 
ගෙදරටත් අකීකරු මන් දැන්.... ඔබේ පන වගේම ගෙදර හොඳ පුතු.... 
අහල තිබ්බ පිරිමියෙක් වෙත.. එනව කියල ශ්‍රියා කාන්තාවක්... 
නුබ ආ පසු මට දැනුනා පූජාසනයක් වෙන් කරන්න නුඹ වෙනුවෙන්...
 නුබේ ආදරෙන් ශක්තිය ලැබුනා ජීවිතේට.... 
දැන් මං සාර්තකයි රත්තරන්.... 
නුඹ රකින්නට දිවි පුරාවට ... හිතාගෙන පටන් ගත්ත පුංචි කොම්පැනිය ... 
ටිකෙන් ටික දලුලනවා...  
සතෙන් සතේ සල්ලි එනකොට... අනාගතය පෙනෙනකොට.... 
මට මේ හැමදෙයක්ම මතක් වෙනවා... 
එදා ඔයා ආදරේ දීපු බේබදු කොල්ලා , 
දැන් ඔයා වෙනුවෙන් ලෝකයක් හදනවා.... 
එකම එක දෙයක් මට දෙන්න..... ඒ ඔයාගෙ ආදරේ... 
ඒ ආදරේ මගේ ආශිර්වාදය වෙනවාමයි..... නුඹ මගේ මයි කියනවා මුලු ලෝකෙටම මම දැන්.....

Friday, February 4, 2011

යුද්ධාධිකරණය අධිකරණයක් නම්


යුද්ධාධිකරණය අධිකරණයක් නම් 

බලු කුඩුවද නිවසේම කොටසක් විය යුතුය.

තවද,
ඇටි කුකුළා කුකුලෙක්ද,බිං ඌරා ඌරෙක්ද,

සුදු රෙදි හොරා පල්හොරෙක්ද,සිවුරු හොරා ඇබිත්තයෙක්ද,
හාල් මැස්සා මැස්සෙක්ද ,මුහුදු සිංහයා සිවුපාවෙක්ද,

කරවලා මළුවෙක්ද,දිවි මකුළුවා බළල් පවුලේ සතෙක්ද,
නිල මැස්සා නිලධාරියෙක්ද,කොණ්ඩ කුරුල්ලා බාබර් කෙනෙක්ද
නම් යුද්ධාධිකරණය ද අධිකරණයක්ම වන්නේය.!