ආයුබෝවන්,නැවත ආවට ස්තූතියි...ඔබගේ මින් පෙර පැමිණීම Thur, Apr 24, 2025 05:36:51 AM

Grab this

Monday, January 10, 2011

හැපින්න… ඉතින් උබ සැනහුනිද?

පලිගන්න දශ්ඨ කර
සමත් බව පෙන්නුවාට
හිතනවද මගේ ගතේ විෂගල් නෑ කියල…
නයි මන්තර කප්පිත්තෙක් මං නොදන්නවා වුනාට නුඹ..
නුඹ වගේ සීනි බෝල හැපින්නක් නටවන්න
හිනෙන්වත් හිතෙන්නේ නෑ මට..

තී මගේ පියඹටත් දශ්ඨ කරල නේද??
දැන් නම් තවත් අනුකම්පායි මට…
නයිකාරයෙක් එක්ක හැප්පෙන්න බයේ..
නගුට අකුලාගෙන ඉන්න උඹ දැක්කම..‍
තරහකට වඩා සිත දයාවෙන් පිරෙයි මගේ…
විශ දළ නුඹ විසින්ම ගලවාගන්නට කාලයක් එයි..
එදාට අපේ රැහේ පුංචි උන්ට
සෙල්ලම් ගෙවල් වල වහල් තනන්නට…
ලනුවක් වීම ඇර වෙනඳු විකල්ප නැත.

අවැසිනම් නුබට…
මහා නාග රාජිනියක් වෙන්නට…
නාගයෙකු හා සහවාසයෙන් නුබේම පරපුරක් තනන්න
නුඹේ සුනඛ ගති නැවත දීපන් යක්ශයාට
මතු නුබේ නමින් පැවැත්වෙන
නාග කන්‍යා අබිසෙස් උලෙලට….
ගෙනෙන්නම් කිරිකල හතක්
සුපිරිසිදු නුඹ දෝවනය කරන්නට…

1 comment:

  1. විසකුරු සර්පයන් අතරින් විසකුරුම සර්පයා මිනිසාය.

    ReplyDelete