මේ කවිය NMTS නිස්සංක නම් වූ කවියාගේ රචනයකි. ඉතාම ගෞරවයෙන් මා ඔහුට ස්තූති කරන අතර මා දුටු තරුණ කවියන්, නිදහස් මතධාරීන් අතර උස් තැනක් එතුමාට හිමිවේ. ඔහුගේ මේ කවි පන්තිය තුල මා ප්‍රේමවන්ත භූමිකාමේ උතුම්ම අවස්ථාවක් දකිමි.
ඇය.........
ඇය සුන්දරය...
සැබැවින්ම සුන්දරය...
මා කිසිවෙකුට ඇය සම නොකරමි...
ඈ සඳ මෙන් නොවේ...
ඇගේ පියකරු වත කමල දුටු කල,
සඳ මඬල ඊර්ෂ්‍යාවෙන් ඉවත බලාගනු ඇත...
ඈ රෝස කුසුමක් මෙන් නොවේ...
රිවි කිරණින් මැලවෙන රෝස කුසුම මෙන්,
ඇගේ වත මැලැවෙන්නේ නැත...
ඇගේ දෙනයන කැළුම් මා නෙත ගැටෙන්නේය...
ඇය...........
මා ලඳකගෙන් පතනා සියල්ල ඈ සතුය...
මා මවාගත් රුව ඈ සතුය...
මා මවාගත් ආදරය ඈ සතුය...
නමුත් ඈ මට අහිමිය...
ඇගේ රුව මා මනස පෙළන්නීය...
ඈ කිසිදිනෙක මට හිමි නැත...
ඇය...........
දිවි ඇති තුරා මා සිතින් ඈට පෙම් කරමි...
දිවි ඇති තුරා ඈ මනසේ රඳවා ගනිමි...
සහෝදරත්වයේ මුවාවෙන් ඇයට එය සඟවමි...
ඇයට දැඩිව ආදරය කරමි...
නමුත් මා මතු භවයක ඈ නොපතමි...
ඈ ඇගේ හිමිකරු වන,
මා නොදුටු වාසනාවන්තයා සමඟ එබඳු බැඳීමක් ඇත...
මා ආත්මාර්ථකාමියෙකු නොවේ............
මම දන්නා ලෙස ආදරය යනු ආත්මාර්තකාමිත්වයකි. ආදරයට මමය මගේය යන බැදීමක් පවතී. එසේ නොවේ නම් අප එක්කො සෝවාන්ය, නැත්නම් සකෘදාගාමීය, නැත්නම් අරහත්ය.
ReplyDeleteසමහර විට ඈ ගැන මේ තරම් බැඳීමක් ඇතිවුනේ ඈ නොලැබුනු නිසාම වෙන්න පුලුවන් නේද??
ReplyDeleteමතුපිටින් දකින දේ විඳන්න ගියාම තමයි දෙයක නියම තත්වය දකින්නේ. දැනෙන්නේ.
එතකොට ඒ දේට තියෙන ඇල්ම ඉබේ අඩුවෙලා යන්න ඉඩ තියෙනවා.
කොහොම නමුත් ආත්මාර්ථයෙන් තොරව කෙනෙක්ට ආදරය කරන්න පුලුවන් නම් අනෙක් කෙනාගේ කොලිටීස් මොන වගේ වුනත් අපේ හිත් රිදෝ නොගෙන ඉන්න පුලුවන් කියලත් මම නම් දන්නවා.
මා මවාගත් ආදරය ඈ සතුය...
ReplyDeleteනමුත් ඈ මට අහිමිය...