Grab this

Friday, February 11, 2011

මහත්තයෙක් වෙයන් පුතේ

අද කැම්පස් එකේ වෙච්ච දෙයක් නිසා තමයි මේ ලිපිය ලියන්න මට හිතුනේ. අපි ඉපදෙනකොට ඉපදෙන්නෙ ඇඟේ නූල් පොටක් නැතුව. ඒ කියන්නෙ අපි විලිවහගන්නෙවත් නැතිව තමයි ඉපදෙන්නෙ. මේ ලෝකෙ එලිය දුටුව දා ඉදල දෙමවුපියෝ උත්සාහ කරන්නෙ අර හෙලුවැල්ලෙන් උපන් තමන්ගෙ පුතා මහත්තයයෙක් කරන්න. "අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා..." කියල ගීතයක් චන්ඩි පුතා චිත්‍රපටියේ නිර්මාණය කරන්න වුනේ. මම මේ කියන්න හදන්නේ දුවලට වටිනාකමක් නෑ කියල නෙමෙයි. අම්මෙක්ගෙ කුසෙන් බිහිවෙන දූ කෙනෙක් තමයි කවදහරි දවසක අම්මෙක් වෙලා තවත් ජීවිතයක් ලෝකෙට තිළින කරන්නෙ.. නමුත් මා කියන්න හදන්නෙ තමන් කිරි කැටි පුතණුවන් කෙනෙක්ගෙ තාත්තෙක් කියල දැනගත්ත ගමන්ම තාත්තෙක්ට ඇතිවන සතුට ආඩම්බරය.. අම්මෙක්ට ඇතිවන සතුට පුදුම දෙයක්.. ලතා වල්පොල මහත්මිය කියන විදියටම ඒ පුතා මහත්තෙක් කරන්න ඉපදුන දවසේ ඉදන් වෙහෙස මහන්සි වෙනවා.. අම්ම කෙනෙක් පුංචි පුංචි බත් ගුලි හදල ඒව කවනකොට කියන්නෙ " මගේ පුතා ලොකු මහත්තයෙක් වෙලා කවදහරි....................." වගේ කතා. මේ හැමතැනදිම එකම එක දෙයක් මනාව පේනවා තමන් වදාපු දරුවා රටේ ලෝකේ හොද මිනිහෙක් කරන්න දෙමාපියන්ට තියන උනන්දුව.. හොද මහත්තයෙක් වගේ හැදෙන දරුව තමයි කවදහරි තමුන් වගේම කාන්තාවක් පාවා ගෙන තාත්තෙක් වෙන්නෙ කියන එක අම්ම කෙනෙක් දන්නවා. මහත්තෙක් වගේ හැදුන පුතා තමයි යන යන තැන හොද නමක් අරගෙන තමන්ගෙ ලේ වල ගෞරවය තියන්නෙ කියල තාත්තෙක් දන්නවා.. අම්මයි තාත්තයි පුතෙක්ව මහත්තයෙක් කරන්න මෙච්චර දගලන්නෙ ඒකයි. 

අද උදේම මගෙ බැජ්ජෙක් මල්ලි කෙනෙක්ට අවවාදයක් දීලා...... මොකද්ද අවවාදෙ වැදගත් තැනකදි, ලෙක්චර් කෙනෙක් එක්ක කතා කරනකොට, ලෙක්චර් හෝල් වල කැප් තොප්පි දාන්න එපා කියලා... කොච්චර හොද අවවාදයක්ද.. රාහුල හාමුදුරුවො අවු7 දි වැලි අහුරක් අරන් 'මේ අහුරෙ තියන වැලි තරමට මට අද අවවාද ලැබෙන්න ඕනෙ" කියල ප්‍රාර්තනා කලා නම් මෙච්චර ඉගෙනගෙන අවුරුදු 20ක් 21ක් වෙච්ච කොල්ලෙකුට ඇයි අවවාදයක් අහන්න බැරි.. ඒ අවාසනාවන්ත මල්ලි මගෙ යාලුව එක්ක බහින් බස් වෙලා.. කොල්ලො සේරම එකතුවෙලා ගහන්නමයි ගියෙ... ඒත් මම මැදිහත් වෙලා අපේ උන් ටික ශේප් කරල අයෙම සැරයක් හොදින් තේරුම් කරල දුන්නා.. ඒත් මල්ලියේ උඹලට උපදෙසක් දෙන්නෙ අපිට වෙන වැඩ නැතුවට නෙවෙයි උබල කවදහරි ලෝකෙට ගිහාම ඔය වගේ දේවල් හදාගෙන ගියෙ නැත්තම් ලෝකෙ මිනිස්සු බනින්නෙ උඹලව හදපු වදපු දෙමාපියන්ටයි.. මල්ලියේ ඇඟේ නූල් පොටක් නැතුව ලෝකෙට ආපු උඹව මහත්තයෙක් කරන්න ඒ අම්මයි තාත්තයි දැකපු සිහින වලට වටිනාකමක් දෙන්න නම් උඹ මහත්තයෙක් වෙන්නම ඕනෙ. උඹලට දෙන අවවාද උපදෙස් පිලිපදින්න ඕනෙ අපිට ඕනෙ හින්ද නෙවෙයි. උබල මහත්තුරු වගේ ලෝකෙන් හොද නම අරගෙන රජෙක් වගේ ගෙදර එනකල් මග බලා ඉන්න අම්මයි තත්තයි වෙනුවෙන්. කඳ බඩ උස් මහත් උනාට තමන්ගෙ යහ ගුන උස් මහත් උනේ නැත්තම් අපි යන යන තැන පල් වෙනවා.  තමන්ට හැදෙන්න කවුරුන් හෝ දෙන උපදෙසක් වෛරයෙන් භාරගන්නා හැමෝටම එක දෙයක් මම අන්තිමට මතක් කරනවා "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී" 

8 comments:

  1. යාලුවා, කතාවනම් හරි,එත් මේ ලොකේ ඉන්න බහුතරයක් දෙනා කාගෙවත් කිමකට ඇහුම්කම් නොදිම තමයි දුක,ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ තමන් තමයි හැමදෙම දන්නෙ කියලා.මොන වැරද්ද කරත් ඒ අය කියන්නෙ තමන් හරි කියල වැරැද්ද පිලිගන්න කැමති නැ...

    ReplyDelete
  2. ඔබ හරි නමුත්, වැඩිහිටියෙක් හෝ බාල කෙනෙක් හෝ වැරැද්දක් පෙන්වනවානම් ඒක හදාගත්තොත් අපේ වැරදි ටික ටික අඩුවෙනවා... මැරෙනමොහොතෙ හරි මතකෙට එනවා තමන් හැසිරුන හොඳ විදිය.

    ReplyDelete
  3. "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී"

    ReplyDelete
  4. කොඩි ගේ කතාවට මමත් එකගයි... ඔහොම අයට දවසක දුක් වෙන්න වෙනවා...

    ReplyDelete
  5. වික්‍රමේ උඹ මම ගැන දන්නවනේ මම uni එනකොට කිට මරල එන්නෙ කොයි කාවවත් සතුටු කරන්න නෙවෙයි මගේ වදාපු දෙමව්පියන් සතුටු කරයි. මම එහෙම ඇද පැලදගෙන එනකොට මගේ අම්මටයි තාත්තටයි ඇතිවෙන සතුට ඔවුන් මුවෙන් නොකිව්වට ඇස් වලින් දකිනව. ඉතින් මම ජීවත් වෙන පුංචි ජීවිත කාලෙ ඇතුලතදි මාව මේ තරම් දුරක් ගෙනල්ල මට හැම පහසුකමක්ම ලබා දීල ඒ මිනිස්සු මගෙන් බලා පොරොත්තු වෙන්නෙ එකම එක දෙයයි ඒ තමයි කවද හරි ඔවුන්ට යන්න බැරි වුන තැන්වලට මම යාවි කියල. ඉතින් එච්චර අහිංසක ප්‍රාර්ථනාවක් මට ඉෂ්ට කරන්න බැරිනම් මම කව්ද? ඉතින් මම uniයට එනකොටම හිතාගත්ත මමත් මනුස්සයෙක් වෙනව කියල. ඉතින් ඒ තැන රැක ගන්න මම ඕන දෙයක් කරනව, නරකින් නොවෙයි උපරිම හොදින්. මගේ වැරැද්දක් තියනව නම් මට පෙන්වල දෙන්න ඒක මට හුගක් වටිනව මගේ දෙමව්පියන්ගෙ ලොකුම ලොකු මහත්තයගෙ නාමයෙන්; උඹට බොහොම පිං...

    ReplyDelete
  6. වැඩක් බලා ගෙන හිටපන් බන්.. එක එකාගේ කැප් ගලවන්න ගිහින් ගුටි කන්නේ නැතුව

    ReplyDelete
  7. නමක් ගමක් නැතුව කමෙන්ට් දාපු මහත්මයාට ස්තූති

    ReplyDelete