Grab this

Friday, December 10, 2010

එකම වේදිකාවක අපි (ඔබයි මමයි )


සැබැවින්ම අරුම ජීවීතය නම් වේදීකාව මත
“ජිවිතේ අරුම මේ යැයි” කියා පාන වේදිකා නාටකයක
රඟදෙන චරිත අතර
අළුත් මිශ්‍ර වූ සුදු කළු අළු චරිතයකි
ඔබ සහ මම………..

මට මෙන්න මෙහෙම ලියන්න හිතුනා මිනිස්සු ගැන . ජිවිතේ විවිධ දේ එක්ක පොරබදින අපි තත්පරෙන් තත්පරය ඊගාව මිනිත්තුව ජීවත් වෙන්න ඕන අරමුණු හොයන වේලාවල් අනන්තයි.හිතට එන දේවල් ඔහේ ලියෙව්වට මේ කියන දේවල් එකකට එකක් ගැලපෙනවද කියන එකනං මං දන්නේ නැ. ඒ වුනත් ගැලපුනත් නැතත් ලියන්න ඔන කියලා හිතුනම ඔහේ කියලා දාන එක මගේ පුරුද්ද.මගෙ කට හොද්නෑ කියල හැමොම කියනවා. හුගක් වේලාවට අපි අපිටම කියලා ගැ‍ලපෙන දේවල් කරනවත් අඩුයිනේ. ඔය ‍ගැලපෙන නොගැලපෙන දේවල් එක්ක දිගහැරෙන ජීවිතේ ගෙවද්දි හමුවන වෙන් වෙන මිනිසුන් අතරෙත් විවිධාකාර නොගැලපීම් තියනවානේ.අපි කියන්නෙ ඔය ඇතුවත් බැරි නැතුවත් බැරි කරදරකාර මිනිස්සු අපි වටා ඉන්නවා , අතඇරගන්න ඔන ඒත් අතාරින්න ක්‍රමයක් නෑ කියලා. ආන්න ඒ වගේ කෙනෙක් ජිවිතෙන් දුරස් කරගන්න පුළුවං නම් හොදයි. සමහර වෙලාවට කෙනාගේ හැටි අපිට තේරුනා‍ට තවත් කෙනෙක්ට නොතෙරෙන්න පුළුවං. අපි අපිට ආවේනික දෘශ්ටි කෝණවල ඉදගෙනනේ අනිත් කෙනා දිහා බලන්නේ. ආදාල පුද්ගලයා ගැන මට තේරුනාට මගේ සමීපකෙනෙක්ට නොතේරෙනවනං පැහැදිලි කරලා තේරුමකුත් නැ. මිනිස්සු එක එක්කෙනා අනිත් අයව තෙරුම් ගන්න විදිය මම හිතන විදියට සාපේක්ශයි... අරයට වඩා මෙයා.... මෙයාට වඩා අරයගෙ මෙ වගෙ එක එක අකාර වලට ගොඩක් දෙනෙක් මිනිස්සුට සාපෙක්ශ වටිනකමක් ආරූඩ කරල තමයි තෙරුම් ගන්නේ .හැබැයි ඔය කොයි මනුස්සයා ලඟත් හුඟක් හොඳ දේ වගේම ටිකක් නරකදේ තියෙනවා කියන එක මං විශ්වාස කරන දෙයක් , ටිකක් තියෙන නරක දේ වෙන කෙනෙක් ඉදිරියෙදි ඉස්මතු වෙන්න ගත්තම හුඟක් තියෙන හොඳ දේ නොපෙනී යන්න පුළුවං. අන්න ඒ දේ ගැන විතරක් මිනිස්සු වෙච්චි අපි නොහිතන එක තමයි ගැටළුව.
එ නිසා මට හිතුන දැන් කවියක් ලියන්න.. වෙන මොනවත් ගෙන නෙවෙයි අර මම මුලින් කිව අපෙ ජිවිතේ නැමැති නාට්ටියේ අපේ භූමිකවල් ගැන

මදුර වු ගීතය පසෙකලා
කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන
ජීවන බරින් ඔටුනු පලඳා
පිටතින් සුදු හුනු වන්
සූට් බූට් පැලදී
Hair Jel සුවද විලවුන් සුවදින්
පලාතම සුවද කරමින්
පීඩිත සිතේ ඇති කව
ලොවට නොපෙනෙන්නට
සැමටම තම දසන් පෙන්වන
ඔබ හා මා….
දිනෙන් දින ගරා වැටෙන
ශරීර කූඩුව
අසුනක් මත සතපවමින්
එකම මගක ගමන් යන
මගියන්ම පමණක් වූ
ඔබයි මමයි...................

ඔන්න ඔහොමයි ජිවිතේ....
කට කැඩිච්ච කතා කියල හොදට පලපුරුද්ද තිබ්බට ලියන්නෙ මෙ ඉස්සෙල්ලම නිසා වැරදි තියෙනම් කට්ටිය මට පෙන්නල දෙන්න..

අනිත් එක තමයි මම බ්ලොග් එක පටන් ගත්තෙ හැමදාම ජිවිතේ ගැන දුක්ක දොමනස්ස කියවන්න නෙවෙයි... ඒත් මුලින්ම මිනිස්සු ගැන ලිවෙ මමත් මනුස්සයෙක් නිසා (සැ.‍යු - අමනුස්සයෙක් කියල කවුරුහරි හිතන් ඉන්නවනම් ඒකත් ඇත්ත වෙන්නැති ). ඉස්සරහට ඔක්කොටම හිනවෙන්න,අඩන්න ඉගෙනගන්න ලිපි ලියන්න මම හිතගෙන ඉන්නේ.. එහෙනම් ජයවේවා !!!!!!

5 comments:

  1. අලුත් එකක්! බලමු හොඳ ලිපි ටිකක් අපි බලාපොරොත්තු වෙනව....

    ReplyDelete
  2. හොඳ ආරම්ඹයක්...
    keep it up.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ~~~~~ හොද ඇරඹුමක් ~~~~

    ReplyDelete
  5. බොහොම ස්තුතියි ඉස් ඉස්සෙල්ලම ප්‍රතිචාර දක්වපු ඔබලා තිදෙනාටම..

    ReplyDelete