Grab this

Saturday, January 22, 2011

සිංහල ස්භාවිත ගීතයේ රස..... ( අද :: ගහක මල් පිපිලා ; කරුණාරත්න දිවුල්ගනේ )


ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත.

"කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන් "



සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... 

"සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
 සිටිය නොහැකිද යම් "

මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා  තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත..

 රසවින්දනය කරන්නෙක්ට ඉතාම රසවත් ගීතයක් තිලින කිරීමට යමුනා මාලනී පෙරේරා තම හැකියාව මනාව ප්‍රයෝජනයට ගෙන රචනා කර ඇති මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන්ගේ මියුරු ස්වරයෙන් හැඩවි කරුනාරත්නයන් ගයන විට ඉතාම ආනන්දජනකවේ. රැප්, හිපොප් කාරයන්ගේ චොකා බයිලා වලට වඩා ශ්‍රී ලාංකීය ස්භාවිත ගීතයේ වෙනස වන්නේද එයයි.. භාශාව, රසය, සංගීතය, හා ශ්‍රී ලාංකීය ලෙයට කාවදින රස ඇතුලත් ස්භාවිත ගීතය ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාවට ලගාකරන බව අවසානයේ මා කීමට කැමතිය. මෙවැනිම රසවත් ගීතයක් ගැන ලබන සතියේත් ....


15 comments:

  1. ලස්සන සින්දුවක්. ඒත් තේරුම හරියටම දැනගත්තෙ අද.

    ReplyDelete
  2. එකම නිර්මාණයක් රසවිදින්නන් හට ගෝචර වන ආකාරය විවිධ විය හැක.උසස් නිර්මානයක චමත්කාරය එයයි.
    බොහොම වැදගත් කාර්යයක්.සුභාවිත සිංහල ගීතයේ රසය ගැන බ්ලොග් සටහනක් මගින් කතා බහ කෙරීමේ අවශතාවයට සාධාරණයක් ඉටු වේ යැයි සිතමි.පාඨකයන් හටද ලිපි ලිවීමට අරාධනා කරන ලෙස යෝජනාවක් කරමි.
    දිගටම කරගෙන යන්න සුබපැතුම්....

    ReplyDelete
  3. අනේ මන්ද බං ඕක කොහොම ඇති වෙනවද කියල.

    ReplyDelete
  4. මේ ගීය මේ ලඟක් වෙනකම්ම මම හිතාගෙන හිටියේ සමාන්‍ය ආදරයක් ගැන ගීතයක් කියලයි.

    මෑත කාලයේ කවුරුහරි ඒ ගැන කතාකරපු නිසා තමයි මේ ගීතයේ අර්ථය මේ විදිහට දැනෙන්න පටන් ගත්තේ.

    අසම්මත පෙම් දම් වල පැටලිලා ඉන්න දන්න කියන අය කීප දෙකෙන්ක් ගැන හිතුවාම යමුනා කියන විදිහටම "ඒ කාරනේ කොහොම උනාද කියන එක" තාමත් හොයනවා මිසක් ඒකට පිලිතුරු නම් නොලැබෙන පාටයි.

    අපූරුවට පැහැදිලි කරලා ලියපු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔයා නම් හරිම ලස්සන එක්කෙනෙක් අය්යේ.

      Delete
  5. ඇත්තටම දුකා අයියේ.. මේ ගීතය ගැන මාත් කලින් හිතුවේ එහෙම තමයි. නමුත් ගීතය ඉතාම සංයමයෙන් අහද්දි මේ ගීතයෙන් කියවෙන සැබෑ කතාව පැහැදිලි වෙනවා.

    ReplyDelete
  6. හ්ම්ම් නියමයි අයියා.. එක්සලන්ට් නියම රස වින්දනයක්. මගෙත් කැමතිම සෝන්ග් එකක්.

    ReplyDelete
  7. See Ridma pg11/24 on 8/3/2014 lakbima.lk

    ReplyDelete
  8. http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=38611:2014-08-01-16-34-32&catid=85:2013-11-11-06-17-21&Itemid=113

    ReplyDelete
  9. ගේ පද රචකයාට වඩා ඔබ මෙම ගිතය ගැන දන්නා බවයි පෙනෙන් නේ. යමුනා මලනි මහත්මිය ඉතාමත් සිත් වේදනාවෙන් මෙම ගිතය, සමලිංගික ගිතයක් ලෙස ප්‍රචාරය කිරිම සම්බන්දව. මෙය අසම්මත ප්‍රෙමයක් ගෙන කිය වෙන ගිතයක් විවහාක ස්ත්‍රියක් වෙනත් පිරිමියෙකුට දක්වන ලෙන්ගතුකම ආදරය මෙම

    ReplyDelete
  10. නැහැ මේ කියවෙන්නේ සමරිසි පෙමක් ගැනමයි. ඇයි මේ තරම් සමාජය ඔහුනට අසාධාරණ කම් කරන්නේ.. ඒ අයට ආදරේ ලබන්න සතුටින් පවුලක් වෙලා ජිවත් වෙන්න ආසාවක් ඇති නේද? Straight අයට ඒ අයගෙන් කරදරයක් නෑ නේද ඉතින් සමරිසියන්ට නිදහසේ ඒ ගමන යන්න ඉඩ දෙන්න. මේ විවාහයන් කරගන්න බැරිව මොනතරම් මානසිකව වැටිලා ඇත්ද? පව් අපි ඒ අයව කොටු කරලා තහංචි දලා වගේ. හිර කරලා වගේ. මොනතරම් සමාජයේ හිරිහැර වලට ලක් වෙනවාද? ඔහුනුත් මනුෂ්‍යයෝ ඒ නිසා දයානුකම්පවේ න් ඒ අය බලමු.... ඔහුන් ට සුදුසු පරිසරයක් හදමු..

    ReplyDelete
  11. නැහැ මේ කියවෙන්නේ සමරිසි පෙමක් ගැනමයි. ඇයි මේ තරම් සමාජය ඔහුනට අසාධාරණ කම් කරන්නේ.. ඒ අයට ආදරේ ලබන්න සතුටින් පවුලක් වෙලා ජිවත් වෙන්න ආසාවක් ඇති නේද? Straight අයට ඒ අයගෙන් කරදරයක් නෑ නේද ඉතින් සමරිසියන්ට නිදහසේ ඒ ගමන යන්න ඉඩ දෙන්න. මේ විවාහයන් කරගන්න බැරිව මොනතරම් මානසිකව වැටිලා ඇත්ද? පව් අපි ඒ අයව කොටු කරලා තහංචි දලා වගේ. හිර කරලා වගේ. මොනතරම් සමාජයේ හිරිහැර වලට ලක් වෙනවාද? ඔහුනුත් මනුෂ්‍යයෝ ඒ නිසා දයානුකම්පවේ න් ඒ අය බලමු.... ඔහුන් ට සුදුසු පරිසරයක් හදමු..

    ReplyDelete
  12. නැහැ මේ කියවෙන්නේ සමරිසි පෙමක් ගැනමයි. ඇයි මේ තරම් සමාජය ඔහුනට අසාධාරණ කම් කරන්නේ.. ඒ අයට ආදරේ ලබන්න සතුටින් පවුලක් වෙලා ජිවත් වෙන්න ආසාවක් ඇති නේද? Straight අයට ඒ අයගෙන් කරදරයක් නෑ නේද ඉතින් සමරිසියන්ට නිදහසේ ඒ ගමන යන්න ඉඩ දෙන්න. මේ විවාහයන් කරගන්න බැරිව මොනතරම් මානසිකව වැටිලා ඇත්ද? පව් අපි ඒ අයව කොටු කරලා තහංචි දලා වගේ. හිර කරලා වගේ. මොනතරම් සමාජයේ හිරිහැර වලට ලක් වෙනවාද? ඔහුනුත් මනුෂ්‍යයෝ ඒ නිසා දයානුකම්පවේ න් ඒ අය බලමු.... ඔහුන් ට සුදුසු පරිසරයක් හදමු..

    ReplyDelete