මේ කවිය NMTS නිස්සංක නම් වූ කවියාගේ රචනයකි. ඉතාම ගෞරවයෙන් මා ඔහුට ස්තූති කරන අතර මා දුටු තරුණ කවියන්, නිදහස් මතධාරීන් අතර උස් තැනක් එතුමාට හිමිවේ. ඔහුගේ මේ කවි පන්තිය තුල මා ප්‍රේමවන්ත භූමිකාමේ උතුම්ම අවස්ථාවක් දකිමි.
ඇය.........
ඇය සුන්දරය...
සැබැවින්ම සුන්දරය...
මා කිසිවෙකුට ඇය සම නොකරමි...
ඈ සඳ මෙන් නොවේ...
ඇගේ පියකරු වත කමල දුටු කල,
සඳ මඬල ඊර්ෂ්‍යාවෙන් ඉවත බලාගනු ඇත...
ඈ රෝස කුසුමක් මෙන් නොවේ...
රිවි කිරණින් මැලවෙන රෝස කුසුම මෙන්,
ඇගේ වත මැලැවෙන්නේ නැත...
ඇගේ දෙනයන කැළුම් මා නෙත ගැටෙන්නේය...
ඇය...........
මා ලඳකගෙන් පතනා සියල්ල ඈ සතුය...
මා මවාගත් රුව ඈ සතුය...
මා මවාගත් ආදරය ඈ සතුය...
නමුත් ඈ මට අහිමිය...
ඇගේ රුව මා මනස පෙළන්නීය...
ඈ කිසිදිනෙක මට හිමි නැත...
ඇය...........
දිවි ඇති තුරා මා සිතින් ඈට පෙම් කරමි...
දිවි ඇති තුරා ඈ මනසේ රඳවා ගනිමි...
සහෝදරත්වයේ මුවාවෙන් ඇයට එය සඟවමි...
ඇයට දැඩිව ආදරය කරමි...
නමුත් මා මතු භවයක ඈ නොපතමි...
ඈ ඇගේ හිමිකරු වන,
මා නොදුටු වාසනාවන්තයා සමඟ එබඳු බැඳීමක් ඇත...
මා ආත්මාර්ථකාමියෙකු නොවේ............